(ඉන්දිකා රාමනායක)

නදුන් චින්තක හෙවත් හරක් කටා ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ අසාර්ථක උත්සහට  සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා තවත් දේපළ මිළදී ගෙන ඇති බවට විමර්ශන කරන පොලිස් නිලධාරීන්  හෙළි කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දේපළවලට අමතරව ඔහුට ඩුබායි රාජ්‍යයෙන් වටිනා ලැප්ටොප් සහ ජංගම දුකතන ලැබී ඇති බවත්, ඔහු ඒවා ඥාතීන් වෙත බෙදා දී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හරක් කටාට පලායාමේ සැලසුම ඉන්දියාවේ සිටිනල හරක් කටාගේ සමීපතමයකු සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ බව අනාවරන්‍ය කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.

අතුරුදන් පොලිස් කොස්තාපල්වරයා අවස්ථා කිහිපයකදීම හරක් කටා හා මිදිගම චූටි දුරකථන ඔස්සේ අදාල කොස්තාපල්වරය විසින් සම්බන්ධ කරවා ඇතැයි සැකයක් ඇති බවද වාර්තා වේ.