
(අංජුල මහික වීරරත්න)
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ බහුපාර්ශ්වික සංසදයන් වල දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාව ද කෘතවේදීව සිහිපත් කළේ ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පම්පෝරි ගහන්න දෙයක් නෑනේ... ආපු අයට අනුකම්පා වෙලා කීයක් හරි දෙන්න කිව්වද දන්නේ නැහැනේ.
අනේ ඉතින් ඊළඟපාර ඉඳන් මේවාට යන්නේ අනුර කුමාර අපේ සහෝදරයා කියලා මතක් වෙනකොට දැනෙන සතුට...
රනිල්ටම ගැලපෙන නායකයෙක් ඔය එයා ළඟම එයාගේ දකුණු පැත්තේ ඉන්නේ...
මදැයි අපේ හැටනම ලක්ෂෙ අරන් ආපු ගෝඨාට වෙච්චි දේ. මෝඩ උද්දච්ච කමට එක එක කපටි කේවට්ටයන්ගේ ලණු කාලා කාබනික මරගාතයක් කරන්න ගිහින් අන්තිමට නිකම්ම මිනිහෙක් වෙලා ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. කොහේවත් හිටපු කිසිම ජනතා ඡන්දයක් නැතුව හිටපු මනුස්සයෙක් දැන් ලෝකේ වටේ ගිහින් මහා ඉහළින් වැජඹෙනවා..
මෙයාගේ කතන්දර අහන්න කී දෙනෙක් අවදියෙන් හිටියද දන්නේ නැහැ.
ඊළඟ G77 සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතන්නේ ශ්‍රීමත් අනුර දිසානායක අනාගත ජනාධිපති උතුමාණන් බව හැඟෙන විට මොනතරම් ප්‍රීතියක් එතුමාගේ දායක සභාවේ අපට ඇති වන්නේ දැයි දන්නේ අපම පමණි...
ශ්‍රී ලංකාව කියන්නේ දූෂිත දේශපාලුවන් නිසා විනාශයට පත්වූ රටක් කියලා ජී 7 මහත්වරුන්ට කියන්න සර්. ඒ වුණාට සර්...
පින් ජනපතියාගේ වැදිබණ... ලෝකෙට පරකාසේ? ගෙදරට මරගාතේ කියන්නේ නිකම් නෙවෙයි.
ගමන යන්න කීයක් වියදම් වුණාද? පින් කැටේට ආධාර කීයක් වැටුණාද? අර ඉස්සර නැමිලා පස්ස හරවන් උන්නු යාලු මචන්ලා කීයක්වත් දුන්නේ නැතිද?
මොනවද කීවේතුමනි... ලැජ්ජාවක් දැනුනේම නැතිද? ඒ රටවලත් මාධ්‍යකාරයෝ එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ ඔලුවට විෂබීජ දානවාද කියලා හොයලා බැලුවද?