ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි පල්ලෙවෙල බෝරුක්ගමුව කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්බන්ධයෙන් ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ අද( 6 ) පෙරවරුවේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර අවසානයේ ජනතා් විරෝධතාවය ජයග්‍රහණය කරනු ලැබීය. 06 February 2024
රාමසාන් උත්සවයට විශේෂ වැඩපිළිවෙලක් රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාතංශය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි. 06 February 2024
තවත් සිසුවෙක් ගසක අත්තකට බිලි නොර්වුඩ් මාර්ගයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු නාවලපිටිය රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 February 2024
සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. 06 February 2024
කලබල කළොත් රිමාන්ඩ් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය 06 February 2024
තල්-කිතුල්-පොල් මදින අයට වෘත්තීය සහතිකයක් තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ. 06 February 2024
තියුණු ආයුධවලින් කපා කොටා ධීවරයා මරලා තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 06 February 2024
චාල්ස් රජුට පිළිකාවක් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 06 February 2024
සමාජ ශාලාවේ වෙඩි තැබීමට එහි සේවිකාවක් අත්අඩංගුවට කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 06 February 2024
කපා කොටා දෙදරු මව මරලා සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . 06 February 2024
‘මිහිජය උයන’ වෙඩි තැබීමේ සිද්ධියට දෙකක් අල්ලයි මිහිජය උයන මාල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අඩංගුවට ගත් බව මිහි ජය සෙවණ පොලිසිය කියයි. 06 February 2024
අද වැස්ස අඩුවන ලකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 February 2024
ජනපති ජනතාවගේ නිදහස නැති කරලා 76 නිදහස සමරණ මේ මොහොතේ් රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 February 2024
රුපියල් කෝටි 960ක් ගොවි ගිණුම්වලට 2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 05 February 2024
බන්ධනාගාර නිලධාරීයා හොරොයින් සමඟ අල්ලයි මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
සජබ මන්ත්‍රී ගයන්තත් ජනපතිගේ ඔප්පු දෙන වැඩේට යයි ’’උරුමය’’ වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි. 05 February 2024
මිලානෝ නුවරත් නිදහස සමරයි ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් ’හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. 05 February 2024
කවුරුත් උදව් කළා නම් මීට වඩා රට ඔසවන්න තිබුණා ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 05 February 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විදේශ දඟ පන්දු පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ටේ්රලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වන ක්‍රේග් හොවාඩ් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 05 February 2024
අනුර කුමාර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකත් හමුවෙයි ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය. 05 February 2024
හොර නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ව්යාජ්ය මුදල් නෝට්ටු මුද්‍රණය කල බව කියන සිව්දරු පියෙකුවන සැකකරුවෙක් රුපියල් පන්දහසේ හොර නෝට්ටු තිහක්, බාගෙට මුද්‍රණය කළ පන්දහසේ නෝට්ටු කොළ දහයක් ඒවා මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් අද (5) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය පැවසීය. 05 February 2024
කෙහෙළියගේ නිවස අසල මල්වඩම් තැබූ වෘත්තිය ලොක්කාට ඇප හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි 01වෙනි දින මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය රුපියල් 25000ක පුද්ගලික ශරීරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නියෝග කළේය. 05 February 2024
තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. 05 February 2024
රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2024
සනත් නිශාන්තගේ රියදුරුට ඇප සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (5)නියෝග කළේය. 05 February 2024
අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි ඉන්දියාවේ නිල සංචාරයක සහභාගි වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය. 05 February 2024
ලොකු පොලී පෙන්නා සල්ලි ගැරූ බස්නායක නිලමේ-නිලිය යළි රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති උපාධිධාරී හිටපු බස්නායක නිලමේවරයා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් එන්. ගුණසේකර මහතා නියෝග කළේය. 05 February 2024
ලෝක බෞද්ධ සම්මේලනය එජාප ජනපති අපේක්ෂකට සහය දෙයි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා හමුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 05 February 2024
ත්‍රිකුණාමලය - කොටුව දුම්රිය පැය 4ක් ප්‍රමාද කරයි කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර 118 සැතපුම් කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම නිසා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 05 February 2024
ඉස්කෝල 3000ක් ඩිජිටල් කෙරේ අපොස උසස් පෙළ සහිත පාසල් 3000ක් ජුනි මාසය වනවිට ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය 05 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026