(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
මහා භාණ්ඩාගාරය වී අලෙවි මණ්ඩලයට මෙම මුදල් කලින් කල ලබාදී ඇත්තේ මේ මිලදී ගැනීම සඳහා යැයිද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වී මිලදී ගැනීම සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
අවුරුදු දොළහක කාලයේදී මහා භාණ්ඩාගාරය දීප මුදල් මෙතන තියෙනවා. මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ කාලයේදී නොවෙයි. මෙතන මහා භාණ්ඩාගාරය කෙලින්ම ලබා දීපු මුදල් වගේම ලංකා බැංකුව මහජන බැංකුව ඇපකර බවට පත්කර ලබා දීපු මුදල් තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමැතිතුමාගේ කාලයේදී... නැති වුණාට අවුරුදු දොළහක කාලයේදී එම අමාත්‍ය ධුරය දරුවේ එකම රංචුව තමයි. කාලයෙන් කාලයට එහෙන් මෙහාට පනිනවා, මෙහෙන් එහාට පනිනවා. අවසානයේ සේරම එක රංචුවක් තමයි.
ඔය කෝටි දෙදාහෙන්, කීදාහක් සනුහරේ ඔවුන් ගැහුවාද කියලා මුලින්ම හොයලා මැනලා බලලා කියන්න...!
එතකොට ඔය මණ්ඩලය අයත් අමාත්‍යාංශයේ සතිපතා නැත්නම් මාසිකව ප්‍රගති සමාලෝචනයක් කරන්නෙ නැද්ද එහෙම කලානම් ඕවා වෙන්නේ නැහැ. මෙයින් පේන්නේ මෙතෙක් කාලයක් කිසිම සුදුසුකමක් නැති අය ඇමැතිලා හැටියට පත්කිරීම තමයි. ඒ වගේම ඇමතියෝ පත්කළ අයත් එක් එක් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයක් නොකිරීම බලවත් වරදක් කියන්න පුළුවන්... එහෙනම් ඉතින් ඇමැතියන්ගේ ඩියුටිය පෙන්දන්ට රැකියා දීමට කටයුතු කිරීම පමණක්ද කියලත් අහන්න වෙනවා.
එක අත්තේ අපත කුරුල්ලෝ දශක ගණනාවක් තිස්සේ මුළු රටම කාලා, එක එකා සුද්ද කරමින්, දැන් ගණන් මිනුම් බේරනවා රටටම ඇහෙන්න. ත්‍රස්තවාදීන්...