
(උපුල් හේරත්)
අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය.
එම දරුවන්ගේ පියාගේ අක්මාවේ සැත්කමක් නිසා වසර දෙක තුනක් රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිඳ වන ජේ.ප්‍රදීපා ජයලත් කුමාරි (30) මහත්මිය පැවසුවාය.
දරුවන් සිවු දෙනකුගෙය් යුතු පවුලේ දරුවෝ තුන් දෙනෙක් තවමත් අධ්‍යාපනය හදාරති. වැඩිමහල් දරුවා ඇලයා පත්තුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවත් පාසල් යැවීමට බස් වියදම දරා ගැනීමට බැරි නිසා තම්බියාවේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව මව පැවැසුවාය. එයා ශිෂ්‍යත්වයත් හොදට පාස්.හොඳට ඉගෙන ගන්න පුළුවන්ධ ර්මපාල විද්‍යාලයට ඇතුළත් කරලා දැනට සතියක් විතර වන බව ද ඇය කීවාය.
ඒ දරුවාට සී.ආර් පොත් තුනක් ඕන.ඇරන් දෙන්න විදිහක් නෑ.ඊයෙ රෑට කෑවෙත් පලා කොළ ටිකක් නිකං මලවලා,අල හොද්දක් හදලා දරුවන්ට කන්න දුන්නා.අද උදේට සම්බෝලයි බතුයි.දවල්ට ඉතින් මොකවත්ම නැහැ.පොඩි දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යැව්වේ නැත්තේ ගොඩක් අඩුපාඩුකම් තියෙන නිසයි.
ඔවුනට උදව් කිරීමට කැමතිනම් ජේ.පී.ජේ. කුමාරි කටුකැලියාව ඇලයාපත්තුව ලිපියන යටතේ ලංකා බැංකුවේ පේමඩුව ශාඛාවේ 79187102 අංකයට බැර කළ හැකියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද?
සම්බන්ධ කරන්න විදියක් කියන්න පුළුවන්ද?
දුරකතන අන්කයක් ලබාදෙන්න...
කරුණාකරලා විස්තර එවන්න...
ඒකට කමක් නෑ.මහ බැංකුවෙ අයගෙ පඩි වැඩිකරල මන්ත්‍රීලාට පෙන්ෂන් ගෙවල කඳු උඩ තව කොන්ක්‍රීට් වක්කරල චෛත්‍ය ටිකක් හදමු.එතකොට ඔක්කොම හරි
කරුණාකර දුරකථන අංක ලබාදෙන්න.
මේ පවුලේ විස්තර දාන්න... ස්තුතියි...
පවුලේ විස්තර මට එවන්න.
එම දරුවන්ගේ වගකිව හැකි පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් ලබා දෙන්න.
මට පුළුවන් විදිහට උදව්වක් කරන්න ඕනේ... එයාලාව සම්බන්ධ කරගන්න විදිහක් හදලා දෙන්න...
මෙච්චර අපහසු නම් දරුවන් හතරක්ම හැදුවේ ඇයි?
ඔහොම වාර්තා ලියවන්න ඉස්සර වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහිල්ලා ළමා හිමිකම් ප්‍රවර්ධනය භාර නිළධාරි හමුවෙලා කිව්වනම් හොද නේද එහෙම නැත්නම් පරිවාස නිළධාරින් හමුවෙලා ආධාරයක් ඉල්ලුවා නම් නොලැබෙන්නේ නැහැ මොකද මම දන්නවා අපේ පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ ඔහොම අයට ආධාර දෙනවා එහෙම නැත්නම් ග්‍රාම නිළධාරි හරහා ප්‍රාදේශීය ලේකම්ට දන්වන්න තිබුනා කොහෙද ඉතින් උපුල් හේරත් අත ඉහලට ඔසවා නහය අල්ලන්නෙ නැතුව ඔලුව වටේ අත යවල නහය අල්ලන්න හදනවානේ
මේ දරුවන්ට මුද්ල් ටිකක් දිය හැකියි කෙලින්ම දරුවන්ගෙ අම්මගෙ එකවුන්ට් එකට පමනයි
මේ දවස්වල රටේ මහා ජනතාවගෙන් බහුතරයක් දුෂ්කරතාවයන් ලක්වෙලා තියෙනවා, ඒවාට ඇහුම්කන් දෙන්න සොයා බලන්න උවමනාවක් නැති අමනුස්සයන් පිරිසක් රට පාලනය කරනවා. ඒක සහතික ඇත්ත, නමුත් ඔය වගේ සුළු සුළු ප්‍රශ්න මාධ්‍යට දමලා ඒ දරුවන් ගේ අපහසුතාවයට පත් කරන්න එපා. පිටු දෙසීයක හොදම වර්ගයේ සී. ආර් පොතක මිල වෙන්නෙත් රුපියල් දෙසිය පනහක් විතරයි. ඒ නිසා පොත් තුනක් අරන් දෙන්න පුළුවන් එක් කෙනෙක් නොවෙයි කිහිප දෙනෙක්ම ඔය පලාතෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම අයෙක්ව පුද්ගලිකව කතා කරලා උදව්වක් අරන් දෙන එක ඊට වැඩිය වටීනවා.
කරුණාකර බැංකු විස්තර එවන්න
අපි ඔවුන්ට උදව් කරන්නේ කෙසේද? කරුණාකර අපට දන්වන්න..?
ඔන්න අවුරුදු 75ක් තිස්සේ අපිට හදපු රට.
මේ ළමයි ගේ අම්මාගේ ෆෝන් නම්බර් එක වන්න
උදව්වක් කරන්න කැමතී ඒ සදහා තොරතුරු දෙන්න
මට උදව් කරන්න පුළුවන් විස්තර එවන්න
උපකාරයක් කිරීමට සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් දන්වන්න.
අපි ඔවුන් සම්බන්ධ කර ගන්නේ කෙසේද?
අපි ඔවුන්ව සම්බන්ධ කරගන්නේ කෙසේදැයි කරුණාකර අපට දන්වන්න?
අපිට උදව් කරන්න පුළුවන්... මවගේ දුරකථන අංකය දෙන්න...
මේ වගේ නිව්ස් සිංගප්පුරුවේ දකින්න ලැබුණේ 1950 ගණන්වල. අන්ත දිළිඳු රටක් ඒ කාලේ. ලී ක්වාන්යූ එතකොට කිව්වා, මම මේක (සිංගප්පූරුව) ලංකාවක් කරනවා කියලා. ඒ එතුමාගේ කෙටිකාලීන දැක්ම, ඉන් එහා දකින්න සිංගප්පූරුවේ කිසිම ස්වාභාවික සම්පතක් තිබුණේ නෑ. ඒ සීමාව ඇතුලේ තමයි, ඒ කතාව කිව්වේ. අපිට බෑ ලංකාව පහුකරලා යන්න. මම උඹලව ඒ සීමාවට ගෙනියන්නම්. අද සිංගප්පුරුව ලෝකේ අංක එකේ පාස්පෝට් එක හිමි රට. ඒ රටට බොන්නවත් වතුර නෑ. ලංකාව ඒ අතින් 1950 ගණන් වල, දිව්‍ය ලෝකයක්. මොවුන් අවුරුදු 76ක් ඇතුලේ ඒ දිව්‍ය ලෝකේ පුච්චලා විනාශ කළා. අද ඉස්කෝල පොතක් හිතන තැනට රට මොවුන් ගෙනාවේ... දරුවන්ට අම්මලා නෑ. අම්මලා පිට රටට විකුණලා බැල මෙහෙවර කරන්න. ඉන් ගොඩඑන්න පුළුවන් කාලයක් තියා, පුංචි සලකුණක්වත් අපිට දකින්න බෑ....
කරුණා කරලා මට පුළුවන් නම් දුරකථන අංකයක් එවන්න. පොත් ගන්න සල්ලි නැති අය ළඟ ෆෝන් නැති බව දන්නවා.
නීති කතා කරන අයයි, බණ කියන අයයි අඩු ගනනේ රුපියල්100ක් වත් ඔය කියන AC එකට දාන්න... ඒ අම්මගේ ගිණුම් අංක දීලා තියනවානේ. මම නම් දැම්මා. දුරකථන නැතුව ඇති.
හැකි පමණින් මුදලක් ගිණුමට දැම්මා...
මුදල් යැව්ව දෙවැනි පියවර ජූනි මාසයෙන් පසුව ජනතාව වෙතින්...
අපි අපිට පුළුවන් විදියට ඔවුනට උදව් කළා. අපි කැමති ඔවුන් යළිත් පාසල් යනවාට