
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද (2024) වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් අසුබ යැයි පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විකල්ප නැකැත් ලැයිස්තුවක් අද ඉදිරිපත් කළේය.
එම කණ්ඩායම ‘ජාතික නැකැත් කමිටුව’ ලෙස නව සංවිධානයක් ලෙස එම නව නැකත් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළ අතර රාත්‍රී නැකැත් වෙනුවට පෙරවරුවේ නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් එම කණ්ඩායම ඉදිරිපත් කළේය.
මෙවර අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනිදා අපරභාග 9.05 ට ද, පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වැනිදා අපරභාග 2.41 සිට 14 වැනිදා අළුයම 3.29 දක්වා පවතින බව ද එහිදී ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී ජනක මාධව නවරත්න මහතා පැවසීය.
ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනිදා පුර්වභාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරීම සුදුසු බවත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදින පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කළ යුතු බව ද නවරත්න මහතා කීය.
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ලිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර ඉටුකිරීම සඳහා නැකැත් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.00 ත් අලුයම 1.00 ත් අතර කාලය තුළ යෙදී තිබේ.
කෙසේවෙතත් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් අසුබ යැයි නව නැකත් ඉදිරිපත් කළ කණ්ඩායම කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම නැකැත් වේලාවන් ජ්‍යෝතිර් ශාස්ත්‍රයට අනුව නිවැරදිව සකස් කර ඇති බවත් රාජ්‍ය නැකැත් කමිටුව පසුගියදා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැකත් කාරයෝ කියන්නේ මොළේ තියෙන මිනිස්සු ජාතියක් නෙවෙයිනේ. මොළයක් තියෙන මිනිස්සු නන් හරි හමන් රස්සාවක් තෝරාගනියි නේ. ඉතිං ඔය උන්දලා කියන ඒවා ගැන වද වෙන එකේ තෙරුමක් නෑ. ලංකාව කවදත් නැකතටම වැඩ කරලා කොහොමද දැන් අම්මට සිරි වෙලා දත් ඇන්ද රිවට් වෙලා ඉන්න විදිහ.
අපි අවුරුදු කීයක් නම් ඔය නැකත් බලාගෙන වැඩ කරලා තියෙනවද ? ඒ වුණාට ඒවායින් කපුවෝ පොහොසත් වුණා මිස රටට හෝ ජනතාවට හෝ වෙච්ච සෙතක් පෙනෙන මානෙකවත් නෑ නේද ? දැන්වත් ඔය මිත්‍යා විශ්වාස අතහැර මොලේ පාවිච්චි කරන්න පුළුවන් දෙයයක් කරමුද ?
මෙය විසඳා ගැනීමට ඉතා පහසු මගක් තියෙනවා. මෙච්චරයි කරන්න ඕනේ. පළමුව හිස් බිමක ලොකු වලක් සදාගත යුතුයි (අඩි 15 ක් වත් ගැඹුර. මීටර 50ක වත් විශ්කම්භය ඇති. ඔය වල අතුළට ඔක්කෝම ජ්‍යොතීර්වේදීන් දමා සටන් කරන්න කියන්න. ඕනෙ නම් ආයුධත් දෙන්න පුළුවන්. අවසානයේ ඉතිරි වන කෙනා එළියට අරගෙන එයගෙන් නැකත ගන්න. සරලයි.
නැකැත් පත්තරේ විසිකරලා සාමාන්‍ය විදිහට කාලා බීලා ඉන්න. තමන් ගැන විශ්වාසේ තියලා මහන්සිවෙලා වැඩ කරන්න. අනුන්ට කෙළවන්න යන්නේ නැතුව සැලැස්මක් ඇතුව එකඑකාට කඩේ නොයා ඉන්න. කිරි උතුරනවා මේ අවුරුද්දේ සත්තයි.
මෙවන් ප්රෝදා වලට මුලාවෙන ජනතාව තවමත් අප අතර සිටිනවානේ
අවුරුදු 2500 නැකතට කොරලා හරි ගියාද
මේකෙන්ම ඔය නැකත් කියන එකේ හෙලුව පේනවනේ. රාහුකාල අල්ලල වැඩ කරන අය ගුවන්යානා වලට නගින්නෙ රාහුකාලය මඟ හැරලද කියල දැනගන්න කැමතියි.
ඔය නැකතට වැඩ කරලා රටට කිරි උතුරල අපි ඒ කිරි ගංගාවේ ගිලිලා ඉන්නේ. දැන්වත් ඔය මල විකාර නවත්වලා තම තමන් කැමති විදියට සමරමු, පැරණි සම්ප්‍රදායට ගරුකරන්න ඕනම නම්.
මොන විහිළුද මේවා. මීට කලින් අවුරුදු වල නැකතට වැඩ කරල රටට හරිගිහින්ද තියෙන්නේ? හරි නැකතට වැඩ කරලා හරිගියෙත් නැත්තන් වැරදි නැකතට වැඩ කරලා අමුතුවෙන් වරදින්නේ කොහොමද? නිකන් මිත්‍යාව සමාජ ගත කරන්ඩ කරන වැඩ. කාටත් පලක් නැහැ
බඩගිනි වෙලාවට කාපල්ලා. පුළුවන් වෙලාවට වැඩකරපල්ලා. ඕක තමයි නැකත.
මෙහෙම කණ්ඩායම් දෙකක් අදහස් ඉදිරිපත් කරනකොට අපි අවුරුදු නැකැත් ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා ඒක අපිට ප්‍රශ්නයක් නිසා මම දන්න අදුනන කෙනෙක් ගෙන් පැරණි පංචාංග ලිත් කීපයක් හා මේ වසරේ ලිත ඉල්ලා ගත්තා එහිදී මම දැකපු දෙයක් මේ ඉදිරිපත් කරන්නෙ 1950 නැත්නම් ශකවර්ෂ 1872 අවුරුද්දේ පුන්‍ය කාලය තිබුනෙ අප්‍රේල් 13 සවස 2.56 සිට එදින රාත්‍රි (14අලුයම )3.44 දක්වා කාලයේ තමයි 2024 වසරේ පුන්‍ය කාලය තියෙන්නෙ අප්‍රේල් 13 සවස 2.41 සිට (14අලුයම)රාත්‍රියේ 3.29 දක්වා කාලයේදී ඉතින් පුන්‍ය කාලය සමාන කාලයේ තියෙනවා ඊළඟට ආහාර අනුභවය කොහොමද බැලුවොත් 1950 අප්‍රේල් 14 උදේ 8.34 ට තිබියදී 2024 වර්ෂයේ ආහාර අනුභවය අප්‍රේල් 13 රාත්‍රියේ 12.06 ට යොදාගෙන තියෙනවා නැකත කොහොම වුනත් මධ්‍යම රාත්‍රියේ ආහාර අනුභව කිරීම චාරිත්‍රයක් හැටියටවත් කරන්න බොහෝ දෙනෙක් කැමති නැහැ 1950 කාලයේ වුනත් රාත්‍රියේ කිරිබත් පිසින්න කියලා තිබුනත් උදේ වරුවේ මිස රාත්‍රියේ කිරිබත් අනුභව කරන්න ජනතාවගේ කැමැත්ත නැහැ කොහොම වුනත් ඔය කියන දෙගොල්ලම මම ඉදිරිපත් කල අවුරුදු දෙකක නැකැත් වෙනසක් වුනේ කොහොමද පැහැදිලි කරනවානම් ඉතාමත් හොදයි
මේ යන විදිහට කොහොමත් කවදත් අපිට අපලයි. අමුතුවෙන් අසුභ වෙන්න දෙයක් නැහැ.
රාජ්‍ය නැකත් කමිටුව අනවශ්‍ය ආකාරයට ජ්‍යෙතිශය යොදාගන්නා බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ, දැන් නවීන ලෝකයට හා කාර්ය බහුල සමාජයකට ගැලපෙන ආකාරයට නැකත් හා අවුරුදු චාරිත්‍ර සැලසුම් කරන්න තරම් නිර්මාණශීලී විය යුතුයි. මොකද දැන් අලුත් පරම්පරාව අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නේ ඒවා කෙරෙහි පවතින දැඩි විශ්වාසයකට වඩා අපේ පාරම්පරික උරුමයන් කෙරෙහි තිබෙන ලැදියාව නිසායි.
ඕකට ගහමරා ගන්න ඕනේ නෑ. රෑ නැකතට බීලා උදේ නැකතට කමු.