
(රංජන් කස්තුරි)
රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.
ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.
රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.
අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.
රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.
තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.
ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.
සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.
තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.
කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයක් අහන්න බලන්න.මුන් ඔක්කොම එක වගේ හොර තක්කඩි .හැකි ඉක්මනින් ගෙදර යවන්න ඕනේ
අපරාදේ ලියුම් යැවුවේ , මේ දවස් වල රනිල් හාමු කරන්නෙත් ඕවම තමයි
රනිල්ට ඔය කිසි දෙයක වැදගත් කමක් නැහැ. මොන අන්දමකට හෝ බලයේ ඉන්නේ කොහොමද කියන එකයි එයාට වැදගත්.
මූ වාගෙ උන්ට රාජ්‍ය ඇමතිකම් දුන්නු එකාට බූ වලිගෙන් තලන්න ඕනි.
මේ වගේ කාලකන්නි ඇමතිලා ඉන්නකන් මේ රට ගොඩගන්න බැහැ.
නූගත් මැටි මෝල් ජාවාරම් කාරයින්ට රට කරගන්න කියලා උගතුන් බුද්ධිමතුන් රට දාලා යන එක පුදුම වෙන්න දෙයක් නැහැ
ආයතන විනාශ කලේ යුනියන් කාරයො කියල වැලලෙන්න හදන අය මේක බලලවත් වෙච්චි සහ වෙනදේ තේරුම් ගන්න . මෙතන සභාපතිත් හොරෙක් නම් දෙගොල්ල එකතුවෙලයි ඕව විනාශ කරන්නෙ. තමන්ගෙ ගෝල බාලයොන්ට රැකියා දෙන සහ තමන්ගෙ උන්ට දන්දෙන තැනක් කියල තමයි වැඩ කරන්නෙ. ඉද්රියටත් මේ වගේ පාලනයක් ගෙනියනවාද නවතම බලවේගයකට පාලනය දෙනවාද කියල හිතන්න මේක හොඳ අවස්ථාවක් .
සජබෙ ගෝලයො මීට වඩා වෙනස් වෙන්නෙ නැහැ. මතක ඇති ලොක්ක ඒ දවස්වල අර අරමුදලෙ සල්ලි අරගෙන රැකියා බෙදපු හැටි,ගෙවල් හදපු හැටි. ජාතියටම රටටම අදාල අරමුදලක් යොදවල තමන්ගෙ මැතිවරන බල ප්‍රදේශයකට විතරක් සහ ප්‍රතිලාභ දෙන්න හදපු අය කොහොමද ජාතික නායකයො වෙන්නෙ?
රාජ්‍ය ඇමතිවරයා පොහොට්ටුවෙ කෙනෙක් නිසා ඔහුගේ අදහස් කෙසේවත් පිලිගන්න බැහැ පොහොට්ටුවෙ ගම්මට්ටමින් ඉන්න කූඹුන් වගේ පොඩිම එවුනුත් ඔය වගේමයි මේ රටට මෙහෙම කෙලවුනේ ඔය වගේ දේශපාලුවො නිසා තමයි ඊළඟට ඔටුන්න හිමියාගේ දසමාර සේනාව ආවොත් ඔය තියෙන තත්වය තවත් දසදහස් ගුණයකින් වැඩිවේවි මේ ඇමති වගේ හොරු භංග වේවා මාලිමාවට ජයවේවා
ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සම්මාදම් අරගෙන රට හදන නායකයො ජාතික නායකයො නෙවෙයි. තමන්ට බලය ආපුදාට ඒ ව්‍යාපාරිකයන්ට සලකන්න තව තවත් සීනි බදු පොල්තෙල් බදු සහන දෙන්න වෙයි. ඒක නිසා ඔය බෙදන ඒව ගැන දෙපාරක් හිතන්න..මේ බැටන් එක අරගෙන දුවන්න ලේස්ති අයට බලය දෙන්න එපා.
මේ වගේ බූරුවෝ ඇමැතිලා උනහම 2045දි වත් රනිල්ට රට සංවර්ධනය කරන්න වෙන්නැහැ
පියල් නිශාන්ත යනු පිස්සෙක්
දඩාවතේ ගිය බල්ලෝ පාර්ලිමේන්තුවට ගෙනල්ලා උන්ට ඇමතිකම් අරගෙන දුන්නේ අර දූෂිත මජර නාකි මයිනායි. දැන් උන් දන්නවා උන්ගේ දේශපාලන ජිවිතයේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා, උන් පිස්සුවෙන් වගේ වැඩ කරන්නේ. දැන් ප්‍රසිද්ධියේ බුරන්න, කඩා පනින්න, සහ හපා කන්න දගලනවා. ඒ නිසා මුන්ව හැකි ඉක්මනින් බැදලා දාන්න වෙනවා.
කෝ මේ මැක්ස් සහ බමුණුආරච්චී මේකට මුකුත් උත්තරයක් දෙනවද
ත්‍රස්ත්‍රවාදීන්. රටේ සුළුතරයක් බත් කන හරක්ට මෙවැන්නන් තවමත් රාජ්‍ය පාලනයට ඕන. සභාපති ගෙදර යයි, ඇමති තව- තවත් පිස්සු කෙළියි...මුලසුන ආශීර්වාද කරයි...
තුෂාන් ගුණවර්ධන, ජනක රත්නායක අංක 2 වගේ! චන්ද රස්නෙත් එක්ක ඔය වගේ නාට්ටි නැති උනොත් පුහු දුෂණ විරෝධීන්ට නිකං පාලුයි වගේ නිසා මෙවැනි දේ අවශ්‍යයි.
මිනිස්සුන්ට ලොරි ටෝක් දෙන, ඒත් වැඩ වලින් අසූචීම ඉල්ලාගෙනම කන, මෙවැනි පාදඩයන් වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපා දමා රට බේරා ගත යුතුය. කළුතර දිස්ත්‍රික්කයේ මිනිසුන් මෙවැනි පාදඩයන් නැවත පාර්ලිමේන්තුවට පත් කර නොඑවනු ඇතැයි යනු අපගේ ඒකායන ප්‍රාර්තනාවයි.
"අල්ලස් ඉල්ලන බවත්, ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් "...ඒ කියන්නේ ඇතැම් අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇමැතිතුමාටත් දීලා තියෙනවාද?
ඉතින් ඇමතිත් ගෙදර යවමු.
මේ මිනිහා O/L ළමයින්ට ටියුෂන් කරමින් හිටි කෙනෙක්. පොහොට්ටු කාරයින් මේකව පාර්ලිමේන්තු ගෙනාවා. ඔය ප්‍රාදේශීය සභාවල ඉඳලා පාර්ලිමේන්තු ආව බොහෝමයක් අයට තියෙන්නේ ලොකු හීනමානයක් ආයේ නම් මේ වගේ ත්‍රාඩයෝ කාටවත් මොන පක්ෂෙන් ආවත් ඡන්දෙ දෙන්න එපා...
පියල් නිශාන්ත රස්තියාදු කාරයෙක්
පාර්ලිමේන්තුවේ බහුතරයක් මේක වගේ කාලකණ්නි ඉන්නෙ ...
පොහොට්ටුවේ කොයින්ද මිනිස්සු..? මොවුන් පණපිටින් වලදාන්න ඕනෑ.. එයාව මම දන්නවා ඒ කාලේ ඉඳලා අලුත්ගම විද්‍යාලයට ගිය කෙනා... එයා හිතන් ඉන්නේ මහා ලොකු මිනිහෙක්.. කියලා...
එකම විසඳුම මාලිමාව...
ක්‍රීඩා ඇමැතිට කළදේ තමයි මෙයාටත් කරන්න තියෙන්නේ...!