(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.
ජයලාල් නැමැත්තා තමා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසි තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව යූටියුබ් නාලිකාවකට පවසා ඉන් පසු රත්නපුර ප්‍රදේශයේ පැවති රැලියකදී
ලක්ෂ දහඅටක් ගෙවීම පැහැර හැර ඇති බවට පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
ඔහුගේ මේ ප්‍රකාශය ඇසීමෙන් පුදුමයට පත් වූ තමා විදුලි බල මණ්ඩලයෙන් ඒ ගැන කරුණු විමසූ අවස්ථාවේදී එවැනි ලොකු හිඟ මුදලක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද ඇමැති ධූරය නොමැති කාලයේදී රුපියල් 25,400 ක හිග මුදලක් පවතින බව ප්‍රකාශ කිරීමෙන් ඒ අවස්ථාවේදීම එම මුදල ගෙවා දැමූවේ යැයිද සෙනෙවිරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නක් නැතුව දුමක් නගීද කියලා සොයාබලන්න ඕනෑ...
රන්ජන් ජයලාල් සහෝදරයා එහෙම ප්‍රකාශ කලේ නැත්නම්, එම 25,400 හිඟ මුදලක්වත් ගෙවන එකක් නැහැ. එහම හිඟ මුදලක් ගෙවන්න තියෙද්දීත්, දැන් ඔහු කියනවා ඔහුගේ කීර්ති නාමයට හානි කළා කියලා... කීර්ති නාමයක් තිබුණොත්නේ...
හොම්බට දෙකක් ඇනලා හරි මට්ටු කළයුතුයි...
කොහොමත් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම රන්ජන් ජයලාල් එක්ක තරහයි.. මොකද ආණ්ඩු ඇමැතිලගේ හොර ලයිට් බිල් ගැන කියන නිසා...