
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද (22) නිර්දේශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි.
මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසල් ( සුපර් මාර්කට්) හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකඟ වූහ.
පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.
මේ අතර ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන් එම කමිටුව හමුවට ලබන 2 වැනිදා කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩක්... ජයවේවා...!
අජිත් මාන්නප්පෙරුම ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට පෙර අලෙවි සල්වල විවිධ නම්වලින් අලෙවි කිරීමට තිබෙන්නා වූ Bottle water සහ එම plastic bottles පිළිබඳව පරීක්ෂණයක් කිරීමට කටයුතු කළයුතු වේ. එමෙන්ම අලෙවි කිරීමට තිබෙන්නා වූ බීම වර්ගවල label මත කුමක් සඳහන් කර තිබුණද අලෙවි සල්වල විවිධ නම්වලින් අලෙවි කිරීමට තිබෙන්නා වූ සියලු බීම වර්ග පිළිබඳව අදාල අංශ විසින් පුර්ණ පරීක්ෂණයක් කළයුතු වේ. එම පරීක්ෂන අවසන්ව අදාළ DATA ලැබීමෙන් පසු පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන්, අදාළ ප්‍රමිති නිලධාරීන්, Health authorities එම කමිටුව හමුවට කවිය යුතුවේ. එමනිසා මිනිසාගේ health පිළිබඳව කාරණා වලදී පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලබාදී තිබුණාවූ තනතුරේ වගකීම කුමක්ද යන්න තේරුම්ගෙන ඒ පිළිබඳව පුළුල්ව සිතා කටයුතු කිරීමට නොහැකි නම් එම තනතුර / වගකීම දැරීමෙන් ඵලක් නොමැත....
QR CODE සාකච්ඡාවට පෙර පළමුව කලයුතු සියල්ල නිවැරදිව සහ රජයේ අනුමත ක්‍රමවේදයන් මත සිදුවෙනවද යන්න පළමුව සොයා බලා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයකින් පසු සියල්ල නිසි ආකාරයෙන් සිදු වන්නේ නම් පමණක් QR CODE අනුමත විය යුතුවේ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම විසින් කළ දේවල් හොඳින් මතකයේ තබා තීරණ ගැනීම වැදගත්වේ. විශේෂයෙන් රසකාරක (විවිධ පාටවර්ග) පාසල් සිසුන් සහ කුඩා දරුවන් පානය කරන්නා වූ නිසා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළයුතු වේ. කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන්, ප්‍රමිති නිලධාරීන්, Health authorities එම කමිටුව හමුවට ලබන 2 වැනිදා කැඳවා තිබෙන්නා වූ සාකච්ඡාව "හේතුවක් නොමැතිව" දින නියමක් නොමැතිව කල්දමා අදාල DATA ලැබුණු පසු අදාල සියලු අංශ කැඳවා QR CODE පිළිබඳව තීරණය කළ හැකිවේ.