
(නිමල් ජයරත්න)
වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා ලොරිය කීපදෙනෙකු සොරාගෙන ගොස් එම ලොරියේ කීරි සම්බා වී උර කිසියම් ස්ථානයකට නිදහස් කරගෙන ඉන් පසුව ලොරිරථය පමණක් අරලගංවිල පොලිස් වසමට අයත් හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (20) වෙනිදා සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ සම්බන්ධ අරලගංවිල රුහුණගම ප්‍රදේශයේ ලොරි රථයේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් පෙරේදා (19) පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව එම ලොරියේ තිබූ කීරි සම්බා වී කිලෝ 9100 ක ප්‍රමාණයක් සොරුන් විසින් පැහැරගෙන ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.
සිංහපුර ප්‍රදේශයේ සහල් මෝලකට එම කීරි සම්බා අලෙවි කිරීමට රියැදුරු විසින් රැගෙන ගොස් සිටියදී පවතින තදබදය නිසා එදින මෝලට වී ලබාගැනීමට නොහැකි බවට දැනුම් දීමෙන් අනතුරුව රියැදුරු තමාට ඒ බව දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව තමා රියදුරුට ලොරිය සහ යතුර තබා නිවසට යන ලෙසට දැනුම් දුන් බවත්, පසුවදා එම ස්ථානයට යන විට ලොරිය නොතිබූ බවද පැමිණිලිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නැහැ ලොරිහිමියා මෝඩයෙක් නොවෙයි නම් යතුරු සමග ලොරිය තියා රියදුරුට යන්න කියන්නේ නැහැ... සමහරවිට ලොරි හිමියන්ගේම වැඩක් වෙන්න පුළුවන්...!