අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි 3431ක් අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් පසුගිය වසරේදී ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ. 05 February 2024
කඩුලු 10කින් ශ්‍රී ලංකාවට ජය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 05 February 2024
රැඳවියන්ට වැඩි සැළකිලි දෙන්නේ යැයි වැලිකඩ වෛද්‍යවරියකට චෝදනා වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්රියාකළාපය හේතුවෙන් ප්රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 05 February 2024
මැතිසබේ උත්සවයට පෙළපාළි වෙඩිමුර නෑ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 05 February 2024
රිජ්වේ රෝහල් කාර්ය මණ්ඩලයත් එළියට බසී සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත්වූහ. 05 February 2024
නැවත පොදු විපක්ෂයක් ගැන කථාවක් කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය. 05 February 2024
ජනාධිපතිවරණයට අපේක්ෂයකන් බුරුත්තක් ආවොත් රට කපෝති ජනාධිපතිවරයෙක් පත්කිරීමට අපේක්ෂකයන් 10 ක් ඉදිරිපත් කර ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි බවත් එසේ වුවහොත් නිදහස ජනතා සන්ධානය ප්‍රතික්ෂේප කරන දේශපාලන සහ අර්ථික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා අද (5) පැවසීය. 05 February 2024
මුදල් වංචා කළ ආයතන 12 ක් ගැන විමර්ශනයක් මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 05 February 2024
ගසක් වැටී දරුවෙක් මරුට:දෙකකට තුවාල ගම්පොළ ජාත්‍යාන්තර පාසලක පෙර පාසල් දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී විශාල ගසක් කඩාවැටීමෙන් පෙරපාසල් සිසුවෙකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 05 February 2024
භාණ්ඩ 6ක මිල නැවත නිවේදනය කරයි පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 February 2024
හෙලිකොප්ටරය කැඩුණු දා දුන් පොරොන්දුවක් ජනපති ඉටුකරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්රදානය කරන බව ජනාධිපති කාර්යාලය කියයි. 05 February 2024
වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම නැවත අරඹයි වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම හෙට (6) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 February 2024
ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී ලොරි රථය සමගම අද (05) එම පාලම හුලන්දාව ඔයට කඩා වැටී ඇත. 05 February 2024
රනිල්ට වඩා සුදුස්සෙක් ඉන්නවා නම් දෙන්න මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 05 February 2024
‘1990’ සුවසැරිය ගිලන්රථ සේවයේ දැඩි සේවක හිඟයක් සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක් මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ. 05 February 2024
63,000ක් අය කරගන්න ලක්ෂ 3ක් වැයකරලා ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. 05 February 2024
හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය. 05 February 2024
ආයුර්වේද සංස්ථාව ලොකු ලාභයක් ලබයි ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. 05 February 2024
අඩු බර පාන් වැටලීම් අරඹයි ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක් චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත. 05 February 2024
ත්‍රිරෝද රථ එකිනෙක ගැටී අයෙක් මරුට:7 ක් රෝහලට පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලීසියේ රථවාහන අංශය කියයි. 05 February 2024
හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක් යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත. 05 February 2024
කෘෂි ව්‍යාපෘතියක ’’රොත්තම’’ ගෙදර යවයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. 05 February 2024
රිය අනතුරින් මව මරුට-දැරිය ,පියා රෝහලට එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 05 February 2024
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි. 05 February 2024
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය. 05 February 2024
රනිල් එක්ක පොහොට්ටුව එක්ක ගනුදෙනුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. 05 February 2024
මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ දිවි බේරා ගැනෙති පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත. 05 February 2024
මැරුණැයි කී නිළිය යහතින් ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 05 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026