(උපාලි ආනන්ද)
තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට් අමාත්‍යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.
මෙම අධිකරණ නියෝගයට අනුව සැකකාර ඇමැති බිරිය එදිනට අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇය අධිකරණයට අපහාස කළා සේ සලකා ඉදිරි කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නියෝග කෙරුණේ අයිරාංගනී ද සිල්වා නමැති කාන්තාවකටය.
සැකකාරිය කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන එම්.කේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය එළ ගවයන් හය දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත් මීට වසර දහයකට පමණ පෙර නියෝග කර ඇතත් සැකකාර ඇමැති බිිිරිය එම අධිකරණ නියෝගය කඩ කර තිබිණැයි අධිකරණයේදි හෙළි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති සිල්ව කවුද කියල කෙලින් කියාගන්න බයයිද?
ඊළඟ නඩු දිනේදී ඇවිල්ලා කියාවි හරක් ටික මැරිලා කියලා
ඔය කියන ඇමැතියත් නියම හොරෙක් වෙන්න ඇති.
අපේ දේශප්‍රේමී, ජනතාවාදී හා ජනහිතකාමී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්ගේ ප්‍රියාදර භාර්යාව තුමියගේ නමත් අයිරාංගනී ද සිල්වා. එහෙම වුණාට එතුමිය එහෙම කැත වැඩ කරන මැඩම් කෙනෙක් වෙන්න බැහැ
ජරා වැඩ කරන මන්තිරියෙක්, ඇමැට්ටෙක්, සල්ලිකාරයෙක් ගේ නම කියන්න බැරි මාධ්‍ය කාරයෝ අබල දුබල උන් ගේ පරම්පරාව හොයාගෙන පත්තරේ දානවා.
කවුරු නමුත් දූෂිත දේශපාලුවෙක් වෙන්න ඇති...