IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා

(උපාලි ආනන්ද)

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක්  කඩ කළ බව කියන කැබිනට් අමාත්‍යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.

මෙම අධිකරණ නියෝගයට අනුව සැකකාර ඇමැති බිරිය එදිනට අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇය අධිකරණයට අපහාස කළා සේ සලකා ඉදිරි කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නියෝග කෙරුණේ අයිරාංගනී ද සිල්වා නමැති කාන්තාවකටය. 

සැකකාරිය කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන එම්.කේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය එළ ගවයන් හය දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත්  කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත් මීට  වසර දහයකට  පමණ පෙර නියෝග කර ඇතත් සැකකාර ඇමැති බිිිරිය එම අධිකරණ නියෝගය කඩ කර තිබිණැයි අධිකරණයේදි හෙළි විය.



අදහස් (6)

ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා

Pradeep Thursday, 21 March 2024 09:30 AM

ඇමති සිල්ව කවුද කියල කෙලින් කියාගන්න බයයිද?

:       1       45

Perera Thursday, 21 March 2024 09:35 AM

ඊළඟ නඩු දිනේදී ඇවිල්ලා කියාවි හරක් ටික මැරිලා කියලා

:       1       38

ravin Thursday, 21 March 2024 09:50 AM

ඔය කියන ඇමැතියත් නියම හොරෙක් වෙන්න ඇති.

:       1       10

අරවින්ද මොනරවිල Thursday, 21 March 2024 01:06 PM

අපේ දේශප්‍රේමී, ජනතාවාදී හා ජනහිතකාමී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්ගේ ප්‍රියාදර භාර්යාව තුමියගේ නමත් අයිරාංගනී ද සිල්වා. එහෙම වුණාට එතුමිය එහෙම කැත වැඩ කරන මැඩම් කෙනෙක් වෙන්න බැහැ

:       1       10

PATTA hora Thursday, 21 March 2024 02:59 PM

ජරා වැඩ කරන මන්තිරියෙක්, ඇමැට්ටෙක්, සල්ලිකාරයෙක් ගේ නම කියන්න බැරි මාධ්‍ය කාරයෝ අබල දුබල උන් ගේ පරම්පරාව හොයාගෙන පත්තරේ දානවා.

:       1       23

ගමේ එකාලා Thursday, 21 March 2024 04:41 PM

කවුරු නමුත් දූෂිත දේශපාලුවෙක් වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 13 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 730 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site