IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


කෙහෙළියට වෑන් රථයක් දුන්නේ බස් රථ නොමැතිවීම නිසයි

(යොහාන් භාසුර)

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මහාධිකරණය වෙත රැගෙන ඒම සඳහා බන්ධනාගාර බස් රථ නොමැති වීම හේතුවෙන් පසුගිය 12 වැනිදා ආරක්ෂණ අංශය සතු වෑන් රථයක් යොදාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.  


කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය කොළඹ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් බස් රථ සහ වෑන් රථ මගින් අධිකරණ වෙත රැගෙන යන බවත් එම අංශය සතුව දරුවන් රැගෙනයාම සදහා කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රථ තුනක් සහ ජර්නී වර්ගයේ බස් රථයක් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රැඳවියන් අධිකරණයන් වෙත ආරක්ෂණය කිරීමට ප්‍රමාණවත් බස් රථ නොමැති ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂණ අංශය සතුව ඇති වෑන් රථ යොදාගැනීමට සිදුවන බවත්ඇතැම් දිනවල අධිකරණ වෙත රැඳවියන් විශාල සංඛ්‍යාවක් රැගෙන යාමට සිදුවීමෙන් කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය සතු බස් රථ හා වෑන් රථ ප්‍රමාණවත් නොවන බවත් එවැනි අවස්තාවලදී එම බන්ධනාගාරය සතු වෑන් රථ යොදා ගැනිම ඉතා කලාතුරකින් සිදුවන බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (11)

කෙහෙළියට වෑන් රථයක් දුන්නේ බස් රථ නොමැතිවීම නිසයි

Hafeel Thursday, 21 March 2024 02:12 PM

එහෙමනම් ඇයි එම වරප්‍රසාද අනිත් සාමාන්‍ය සිරකරුවන්ටත් දෙන්න බැරි?

:       1       50

සඳුන් Thursday, 21 March 2024 02:36 PM

හූ ..... හොරු සමඟ හෙළුවෙන් .....

:       1       62

Prabha Thursday, 21 March 2024 02:37 PM

කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබුනානේ

:       1       64

nihal Thursday, 21 March 2024 02:47 PM

වීල් එකක් බයික් එකක් අඩුගානේ විල් බැරෝ එකක් නැත්නම් හර්ස් එකක්වත් තිබ්බේ නැද්ද හොයාගන්න

:       1       57

පිටරටවැසියා Thursday, 21 March 2024 02:52 PM

බස්-වෑන් දෙකම නැති දවසක් ළඟදීම ඒවි. එතකොට ඇමති බෙන්ස් එක ගෙන්නගෙන අධිකරණයට රැගෙන යන්න. අපි කොහොමත් ඔය ඔක්කොටම බදු ගෙවනවනේ ...

:       1       59

Lakmal Thursday, 21 March 2024 02:52 PM

අනේ යකෝ .රෙදි නැතුව පාරේ ඇවිදපන් .ඔයිට වැඩිය නම්බුයි .මොලේ කලඳක් තියන එකෙක් විශ්වාස කරන කතාද මේ?

:       3       68

විජිත් Thursday, 21 March 2024 05:54 PM

නමුත්, මේ බස් රථය ප්‍රදානය කළ එක්සත්ජාතීන්ගේ ළමා අරමුදල විශේෂයෙන් දන්වලා තිබෙනවා... මේ බස් රථය සිරකරුවන් ප්‍රවාහනයට නොගන්නා ලෙස පැහැදිලිවම !!! කෙහෙළිය රඹුක්වැල්ල කියන අසික්කිත, නරුම, වනචර, බෙහෙත් හොරා, ගැනෙන්නේ ඒ කාණ්ඩයට නොවයිද?

:       0       3

Perera Thursday, 21 March 2024 11:26 PM

මට සුනිල් පෙරේරගේ සිංදුවක් මතක් වුණා. වාසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා.

:       0       1

සෙනෙවිරත්න Friday, 22 March 2024 08:07 AM

ඔව කියන්න පොහොට්ටුවෙ හොර නඩයට. තමුන් කවද හරි ඕකෙම කූඩුවක ලගින්න ලැබෙන්න කියල දැනට ප්‍රාර්ථනා කරනව.

:       0       4

සෙනෙවිරත්න Friday, 22 March 2024 08:09 AM

ඔය හොර ඇමතියට බන්ධනාගාරය කසානා රෝගය හැදිලකස කසා මැරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.

:       0       3

HD Friday, 22 March 2024 09:23 AM

මීට පෙරත් බස් රථ නොමැති අවස්ථාවල සාමාන්‍ය සිර කරුවන් මෙලෙස වෑන් රථ වල අධිකරණයට ගෙන ගොස් තිබේ දැයි ගරු අධිකරණයේ මැදිහත්වීමෙන් ස්වාධීන පරීක්ෂනයක් කර සොයා බැලිය යුතුය.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 961 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 511 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 2023 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 993 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2340 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3207 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1585 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site