වනජීවී නිලධාරියාට අලි ප්‍රහාරයක් කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි . 05 February 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරෙරා ඇතුළු පස්දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2024
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 February 2024
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය. 05 February 2024
ජා.ජ.බ පිරිසක් ඉන්දියාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ. 04 February 2024
කන්දකාඩුව යළි ඇවිලේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 04 February 2024
මර්වින් මීනි පෙට්ටියක් රැගන ඔන් ලයින් විරෝධයක මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ. 04 February 2024
හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ. 04 February 2024
සැකකරුවෙක් අධිකරණ භූමියේදී පැන යයි අත් මාංචු දමා කළුතර අධිකරණ භූමියට රැගෙන ආ සැකකරුවක අධිකරණය තුළට රැගෙන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් සැකකරුගේ මුහුණට පහර දී අත්මාංචු ගලවාගෙන පලා ගොස් ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 February 2024
නිදහස නෑ කළුතර විරෝධතාවක් නිදහස සැමරුවාට නිදහස නෑ , ජනතා බලය ජනතාව සතුකිරිම උදෙසා සටන් වදින බලවේගය යන මැයෙන් කළුතර මහජන කවුන්සිලයේ ක්‍රියාකාරිහු පිරිසක් කළුතර නගර මධ්‍යයේ විරෝධතාවක් සිදු කළහ. 04 February 2024
ආවා නායකයා කොළඹ ඇවිත් මාට්ටු යාපනය ඇතුළු උතුරු පළාති භිතියට පත් කරමින් විවිධ අපරාධ කරමින් කප්ම් ගැනීම් මනුෂ්‍ය ඝාතන සිදු කළබව කියන ආවා කල්ලි නායක ප්රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. 04 February 2024
ඩී. එස්. පිළිරුවට පුෂ්පෝපහාර 76 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි. 04 February 2024
නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 04 February 2024
කතානායකට විශ්වාසභංගයක් ගේනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 February 2024
ඉරණමඩු විරෝධතාවට කදුලුගෑස්:සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට නිදහස් දිනය කළු දිනයක් ලෙසට හදුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උතුරෙ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය 04 February 2024
බාල බෙහෙත් දඩය ලක්ෂයක් ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත 04 February 2024
හිරකරුවෝ කොටසක් නිවාස අඩස්සියට සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය 04 February 2024
නිදහස් සැමරුමට ලෝක නායකයෝ සුබ පතති ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇතුළු ලෝක නායකයන් සුබ පැතුම් එක් කර තිබේ. 04 February 2024
කොළඹ පාර 3 ක් තාවකාලිකව වහයි කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අප ජලය මුදාහැරෙන නළ පද්ධතියක් එළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 04 February 2024
යුද හමුදාවේ 1450 කට උසස්වීම් 76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලධාරීන් 1239 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි. 04 February 2024
මත්පැන් බලපත්‍ර ගාස්තු බස්සයි සුරා බදු නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇත. 04 February 2024
රිය අනතුරකින් 6ක් රෝහලේ තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර් ගයේ හුංගම කිවුල ප්‍ර දේශයේ දී අද (04) උදේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හුංගම පොලීසිය කියයි. 04 February 2024
චාමික අනතුරකට ලක්වී තරගයෙන් ඉවත් කරයි ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කසුන් රාජිත තරගයට කැඳවීය. 04 February 2024
අධිවේගයේ ’’ඉබි ගමන්’’තහනම් අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කරයි. 04 February 2024
අවුරුද්දකදී පිළිකා දරුවෝ 900ක් වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය 04 February 2024
සාදය ඝාතනයෙන් කෙළවර වෙයි මතුගම වැලිකැටිය සඳසිරිගම නිවසක පැවති සාදයක් අතරතුරදී ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි . 04 February 2024
ජාතික ගීය දෙමළ බසින් ගයා නිදහස් උළෙල සමාප්ත කරයි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය. 04 February 2024
’’පේරේ’’ ව්‍යාපෘති රැසක් කොට උඩ පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් වැය කර ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් අවසන් නොකර අතරමග නතර කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 04 February 2024
පැරෂුට් භටයෝ ගාලු මුව දොරට 76 වන නිදහස් දිනයට අභිමානයක් එක් කරමින් අඩි හත්දහසක් ඉහළ අහසේ සිට පැරෂුට් භටයෝ ගාලු මුවදොර පිටියට ලඟා වූහ. 04 February 2024
රිය අනතුරින් 60 හැවිරිදි කත මරුට පන්සල් ගොස් එමින් සිටි කාන්තාවක් සහ ඥාති දියණියක්, මොරොන්තුඩුව ගෝනදූව තෙල් පිරවුම්හල ආසන්නයේදී, ස්කැමල් රථයකට යටවී කාන්තාව මියගොස් , ඥාති දියණිය බරපතල තුවාල ලබා ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි . 04 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026