IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ජල සම්පාදන ක්‍රම 31ක් අවදානම් මට්ටමට

(නිමල කොඩිතුවක්කු)

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 31ක් අවධානම් මට්ටමට ලඟාවී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඉන් ජල සම්පාදන ක්‍රම 25ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය ලංකාදිපයට පැවසුවාය.

ඒ අනුව  ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඉංගිරිය, නිවිතිගල, පැල්මඩුල්ල, නාරම්මල හා ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවත්  කළුආරච්චි මහත්මිය කීවාය.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව කළමණාකරනය කරමින් ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළාය.

ජල පරිබෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත්  ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය  හැකි බවත්  කළුආරච්චි මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශවලට අවශ්‍යනම්  ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.



අදහස් (0)

ජල සම්පාදන ක්‍රම 31ක් අවදානම් මට්ටමට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවේ මරණ වැඩිවෙලා
2024 අප්‍රේල් මස 28 277 0

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර


ඇල්ල නාය තවත් සක්‍රිය වේ
2024 අප්‍රේල් මස 28 272 0

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්


ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්
2024 අප්‍රේල් මස 28 70 0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු
2024 අප්‍රේල් මස 28 196 0

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ


මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා
2024 අප්‍රේල් මස 28 426 5

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සි


ව්‍යාජ රන් සමඟ කාන්තාවෝ දෙදෙනෙක් ඇතුළු 3 ක් දැලේ
2024 අප්‍රේල් මස 28 176 0

බලපත්‍ර නොමැතිව ව්‍යාජ රන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු අද (28) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1765 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site