(රෝෂන් තුෂාර)

කුලියාපිටිය  පොල් තෙල් ව්‍යාපාරිකයකුගෙන්  පොල්තෙල් ලබාගෙන  මුදල් වංචා කළේ යැයි කියන  මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අප්‍රේල් 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද( 21)නියෝග කළේය.

ඒ .ජවික්‍රම පෙරේරා නමැති ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන දහයක පොල්තෙල් ලබාගෙන වංචා කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කොන්තෙල් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින සැකකාර හිමිනමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර සැකකරුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (20)කොළඹ මහාධිකරණයේදී අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු පිරිසක් විමර්ශන පවත්වති.