
(යොහාන් භාසුර)
විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම් පිළිබඳව අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මුදල් නෝට්ටු යොදාගෙන විවිධ නිර්මාණ කිරීම මේ වනවිට සමාජය තුළ රැල්ලක් බවට පත්වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව මුදල් නෝට්ටු විකෘති කිරීම ඇතුළු එහි නියම ස්භාවයට හානි කිරීම වරදක් බවත් එම බැංකුව කියයි.
එවැනි වරදකට අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වුවහොත් රුපියල් මිලියන 25 කට නොවැති දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් කළ හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දේවල් කරනවිට සමාජ මාධ්‍යට ඉදිරිපත් කරන අයට ත්‍යාගයක් දුන්නොත් ඉක්මනින් ඔය ක්‍රියාව නවතන්න පුළුවන් වේවි...!
රට බන්කොළොත් කරලා තියෙද්දීත් 70% ක් පඩි වැඩි කර ගත්තාට දඩ ගහන්නේ නැද්ද?
සල්ලි නිකන් කඩදාසි ගානට වැටිලා.මල් හදන අයට කලින් රට මේ තත්වයට දාපු උන්ට නඩු දාන්න