(විමුක්ති එස් රුද්‍රිගු)
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඔක්තෝබර් මාසයේදී සියයට 9 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයේදී සියයට 7 ක් දක්වා පහළ වැටී ඇති බව එම සමීක්ෂණයේ නවතම වාර්තාවෙන් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව සියයට 91 ක ජනතාවගේ අදහස බව රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එසේම සියයට 90 ක ප්‍රතිශතයක් රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවට එම සමීක්ෂණයේදී අදහස් දක්වා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ සියයට 9 ක ප්‍රතිශතයක් පමණක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම මෙම සංඛ්‍යාව 100 ට අසරණ වනු ඇත
පුදුමයි...! තව විදියකින් කිව්වොත් තාමත් ඉන්නවා... ඉන්නවා අනුමත කරන උදවිය? මොලේ නැතිවද? නැතිනම් කචල්ද?
වෙරිටේ රිසච් එක කියන ඒවත් රට්ටු පිළිගන්නේ නෑ..!
ඔය සමීක්ෂණය කලේ කොහිද කවදාද සමීක්ෂණ කටයුතු කලේ ලංකාවේ ඡන්ද දායකයින් විසින්ද නැද්ද දැනගැනීමට නැතුව ඔය වාර්තාව පිළිගන්න බැහැ
දැන් රටේ ආර්ථිකය මෙහෙයවෙමින් තියෙන ආකාරය අපේ රටේ සැලකිය යුතු පිරිසක් යන්න දඟලන දියුණු බටහිර රටවල තත්වයට සමානයි . නමුත් දේශපාලන කන්නාඩි වලින් බලනකොට පෙනෙන්නේ වෙනස් පාටවලින් . අපේ රටේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් හිතාගෙන ඉන්නේ ලංකා රජයට අයිති තෙල් ආකාර හා රත්රන් ආකාර තියෙනවා එනිසා සියල්ල රජයෙන් නොමිලේ දියයුතුයි . බදු ය නොකළ යුතුයි කියා . ඒවගේම රජයේ සේවකයින්ගෙන් බහුතරය විවිධ ලෙස රජයට වංචා කරනවා . එක්කෝ නිල වාහනය තමන්ගේ පෞද්ගලික වැඩවලට පාවිච්චි කරනවා. එක්කෝ හොරට ඕටී දානවා . එහෙම නැත්නම් අඩුම තරමින් රජයේ ටෙලිෆෝනය හෝ හොරට පාවිච්චි කරනවා . අනිත් අයගෙන් සමහරු අඩුම වාශයෙන් බස් එකේ හෝ කෝච්චියේ හොරට යනවා . බදු ගෙවියයුතු එකා හොර කරනවා . තමුන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකර අනුන්ට ඇඟිල්ල දිගුකිරමට හැම කෙනාම හුරුවෙලා . මේ තත්වය වෙනස් නොකලොත් කවුරු ආණ්ඩුකලත් තත්වය ඕක තමයි .
ඕකට ඉතින් සමීක්ෂණයක් තියන්න ඕනෑද? පාරේ යද්දි මිනිස්සු කියන කතා ඇහුණාම තේරේනවා නේ?
කිසිම දවසක ආණ්ඩුවක් රට කරන ආකාරය ගැන විවේචන නැති උනේ නෑ. අනුමත කරන්නේ නැත්නම් අනුමත ක්‍රම ගැනත් යෝජනා ඉදිරිපත් කරන්න. විවේචනය කිරීම ජාතික හැකියාවක් එත් විකල්ප ඉදිරිපත් කිරීම අතින් ෆේල්. විකල්ප ඉදිරිපත් කරන්න කිව්වම විවේචනය කරන අය සද්ද නැති වෙනවා. කයිවාරු ගහන ඉක්මනට රටට ඩොලර් එන්නේ නෑ. කයිවාරු ගහන තරම් ලේසියට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න බෑ දැන් තියෙන ආර්ථික තත්වය උඩ. රට පත් වුණු තත්වය අනුව මේ තරමින් හරි රට ගොඩ අරන් පවත්වාගෙන යාම මැජික් එකක්.