
(ප්‍රියන්ත දසනායක)
දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ දෙද්දුවගේ ධර්මසේන නැමති 72 හැවිරිදි සිව්දරු පියෙකු වූ තෙලිජ්ජවිල වල්පිට පදිංචි ව්‍යාපාරිකයකු බවට හදුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
දීගල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගී වී යලි නිවස වෙත සිය බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවත් මද දුර පැමිණෙද්දී පාපැදියේ සුළං බැසීම නිසා බිරිඳ බස් රථයකට නංවා කිලෝමීටරයක පමණ දුරක් පා පැදිය තල්ලුකරගෙන දැඩි අව් රශ්මියේ පැමිණෙමින් සිටි අතරතුර මෙම මරණය සිදුව ඇතැයි මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇති බව උසස් පොලිස් නිළධාරියකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි. නමුත් මෙවන් අකල් මරණයක්, නිවන් සැප ලැබේවා පියාණෙනනි.