IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට

දිල්ලි මහ ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි.

ඉන්දියාවේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ ද ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂයයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවක් ද දිල්ලි මහ ඇමැතිවරයාට එල්ල වී තිබේ.

‘ආම් ආද්මී’ පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 2015 වසරේ සිටය. දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කල බවටත් චෝදනා එල්ල වී ඇත.

ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා අදියර කිහිපයක් යටතේ ආරම්භ වෙයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දුජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ විශිෂ්ට ජයක් අපේක්ෂා කරයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම, ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ 27 ක් හවුල් කර ගනිමින්, ‘ඉන්දියා’ යන නමින් විපක්ෂ සන්ධානයක් පිහිටුවා ගෙන ඇත්තේ ‘භාරතීය ජනතා පක්ෂයට’ අභියෝගයක් කිරීමටය. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයට අයත් එක් පක්ෂයක් වන්නේ ද ‘ආම් ආද්මී’ පක්ෂයයි.

දිල්ලි මහ ඇමැති මෙන්ම ආම් ආද්මී නායක කෙජ්රිවාල් සහ සෙසු පක්ෂ නායකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සිය කනස්සල්ල පළ කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 187 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site