(සුජිත් හේවාජුලිගේ )
කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (21) දැනුම්දී ඇත.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ සියල්ල පිළිගන්නා බවද එම ප්‍රධානීන් දන්වා ඇත.
වැටුප් සමාලෝචනය කිරීමට කාරක සභාව නිර්දේශ කළ කමිටුව ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙන හෙයින් එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල් දැමෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා ගන්නා තුරු එම වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඊයේ (20)නිර්දේශ කළේය.
එසේම වැටුප් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙසත් එම කමිටුවේ වාර්තාව සති හතරකදී ඉදිරිපත් කරන ලෙසත් කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කළේය.
කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නිර්දේශ ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිලධාරීන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශ්වයන්හි දැඩි විවේචනයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් කරපු උන් ඔක්කොම ගොඩ.මේ පව් මිනිස්සුන්ට විඳින්න දීලා මුන් හොඳට බෙදාගෙන කන්න හදන්නේ .ලැජ්ජාවක් කියලා දෙයක් නැතුව ඇති