
(චන්ද්‍රසේන ගමගේ)
යුද්ධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුගේ පෞද්ගලික නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ ටී 56 ගිණි අවි වලට යොදන ජීව උණ්ඩ 235ක් අඟුණකොළපෑලැස්ස පොලීසිය බාරයට ගෙන තිබේ.
පොලීසියට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ සෝදිසි කිරීමකින් අනතුරුව මෙම ජීව උණ්ඩ තොගය පොලිස්බාරයට ගෙන ඇත්තේ බරවකුඹුක වැටිය ප්‍රදේශයේදීය.
යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයෙකු වශයෙන් ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන අයෙකුගේ නිවසේ උඩුමහලේ පිහිටි මුළුතැන් ගෙයි පොහොර උරයක සඟවා තිබියදී මෙම උන්ඩ තොගයසොයාගෙන ඇත.
නිවසේ සිටි යුද්ධ හමුදා නිළධාරියාගේ බිරිද උණ්ඩ සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර යුද්ධ හමුදා කෝප්‍රල්වරයා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව පොලීසියට බාර දී ඇති බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd