පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා? ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට අද (7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 07 February 2024
කොල්ලය වැරදේ අටක් ඇතුලේ යක්කල මහවිට අවන්හලක් ඉදිරිපිට සුප් පානය කරමින් සිටි තරුණ යුවකළට කඩු පහරදී ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගත් බව කියන අපරාධ කල්ලි සාමාජිකයකු ඇතුළු අට දෙනකු සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුලත බටලීය මක්කඩිගොඩ ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය කියයි. 07 February 2024
මාළු ගොඩ බෑ ධීවරයන් අනතුරක අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින යාන්ත්රවකින් මාළු ගොඩ බෑ ධීවරයන් අට දෙනකු අතර සිටි එක් ධීවරයකු එහි ටැංකියට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 February 2024
අපස්මාරය දරුවාට ලේ දිය කරන බෙහෙත් දීලා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ. 07 February 2024
රාජාංගණයේ පහරදීමකට 7ක් මාට්ටු රාජාංගණය,යාය 18 ප්‍රදේශයේදි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසකට පහරදි වාහනයකට අලාභ හානි කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු අද(07)දින අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි. 07 February 2024
අනියම් ඇසුර දරුවන් පහකට මව් පිය සෙනෙහස අහිමි කරති අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි. 07 February 2024
පාකිස්තානයේ බෝම්බ පිපිරේ පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 07 February 2024
දරුවන් ගැන නව සංශෝධන සතුටට කරුණක් සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ළමයින් සහ තරුණ තැනැත්තන් පනතට එකතු කරන ලද නව සංශෝධන සාදරයෙන් පිළිගන්නා බවත් මෙය දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන ලද පියවරක් බවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 February 2024
රුමේනියා සංචාරකයා මුහුදේ ගිලී මරුට මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියා ජාතික සංචාරකයෙකු අද (07) දහවල් දියේගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 07 February 2024
ලොතරැයි වර්ජනය දිගටම ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය. 07 February 2024
ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ. 07 February 2024
කෝටි 3 ක තල්මස් ඇම්බර් සමඟ තුනක් දැලේ පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 07 February 2024
කෙහෙළියත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට අවසරදී තිබුණත් ඔහු අද (7) එම අවස්ථාවට සහභාගී නොවීය. 07 February 2024
‘උඩරට මැණිකේ’ පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (7) පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 February 2024
සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් විය. 07 February 2024
අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි මහරගම අපේක්ෂා රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී පරිපාලන නිලධාරීවරයාට එයින් පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 07 February 2024
දයා සඳගිරි සජබෙට එක්වෙයි ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් විය. 07 February 2024
සීයා හීනෙන් කීයු මැණික් මල්ල ගන්න ගිය මුණූපුරා ඇතුළු 7ක් අල්ලයි තම සීයා හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සදහා නිවස තුළ කැණීම් කරමින් සිටි මුණුපුරෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 07 February 2024
හැටහතර හැවිරිදි කතට දස පොළකට මන්නයකින් කොටලා බණ්ඩාරගම සමරනායක පුර ප්‍රදේශයේදී ගස් නැගීමේ නිරත පුද්ගලයකු වෙළඳ සැලක් පවත්වාගෙන යන 64 හැවිරිදි කාන්තාවකට දසපොළකට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි 07 February 2024
ව්‍යාජ බෝධිසත්ව අවලෝකිතේෂ්වරට ඇප අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 07 February 2024
ඉන්දියාවේ උත්සහය කඩිනමින් ආධිපත්‍ය පැතිරවීමයි ඉන්දියාවේ උත්සහය කඩිනමින් ශ්‍රී ලංකාව තුළ එරට දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පැතිරවීම බවත් එයට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ අද වන විට ගැතිකම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 07 February 2024
චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 07 February 2024
දුප්පතුන්ට සහල් කිලෝ විස්සක් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 February 2024
ට්‍රම්ප්ට මුක්තිය නෑලූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී. 07 February 2024
ඉන්දියානු විරෝධියෙක් වූ අනුර ඉන්දීය සංචාරයෙන් ප්‍රීති වෙනවා පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්රිති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 February 2024
දරුවන්ට පහරදී සමාජමාධ්‍යට දැමු පියා අල්ලයි තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය. 07 February 2024
ජනපති පාර්ලිමේන්තුවට එයි නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 07 February 2024
අලුත් සැසිය විවෘත කරන්න සියලු වැඩ සූදානම් නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතී. 07 February 2024
කෝටි හතරක දුම්වැටි සමඟ දෙකක් මාට්ටු තීරු බදු නොගෙවා හොර රහසේ දිවයිනට ගෙන්වා ඇති රුපියල් කෝටි හතරක පමණ වටිනාකම ඇති විදේශීය දුම් වැටි තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන මීගමුව පොලිසියට භාර දී ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි . 07 February 2024
රත්නපුර නගරය අදුරේ: ලක්ෂ 38 ක විදුලි බිලක් රුපියල් ලක්ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇත. 07 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026