(බී.ගෝමස්)

වැල්ලවත්ත සුපිරි රෙදිපිළි වෙළෙඳ හලක අද සවස ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට කොළඹ ගිනි නිවන හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීහු දැඩි වෙහෙසක් දරති.

ගින්න නිවීම සඳහා වෙළෙඳහල තුළට ඇතුළු විය නොහැකි බව ගිනි නිවන හමුදාව පවසති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරුද වාර්තා වී නැත.