
(වියලුව වාර්තාකරු)
බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට වැල්ලවත්ත ගම්වැසියනට එදිනෙදා කටයුතු මෙන්ම බෙහෙත් ටිකක් ගැනීමට නගරයට පැමිණීම සඳහා දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇතැයි ගම්වාසීහු පවසති.
ගොවිතැන් ජීවත්වන ගම්වාසීනට ගොවිතැනින් ලැබන දේ නගරයට කරමතින් රැගෙන ඒමට සිදුව ඇත.
පාසල් යන දරුවන් මෙන්ම රෝගීයකු රෝහලට රැගෙන එද්දී බදුලු ඔය තරණ කරමින් දැඩි දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව තිබේ.
ඇතැම් අවස්ථාවලදී රෝගියා අතර මඟදී මිය යන බවද ගම්වාසිහු පවසති.
පාසල් දරුවන්ටද බදුලු ඔය තරණය කිරීමට සිදුවීම නිසා ඇතැම් දිනවල පාසල් නිල ඇඳුම් පවා තෙමාගෙන යෑමට සිදුව තිබේ.
පවුල් 30ක සාමාජිකයන් විශාල පිරිසක මෙම ගම්මානයේ ජීවත්වෙති. නිසි බලධාරියකුගේ අවධානය යොමු විය යුතු බව ද ගම්වාසීහු පවසා සිටිති. මෙම ගමට තැපැල් කාර්යාලයක්, පෙර පාසලක්, හෝ ක්‍රීඩාපිටියක් නොමැති බව ද ගම්වාසීහු පවසති. බදුල්ල මහියංගන මාර්ගයේ බොරලියද්ද හන්දියේ සිට කිලෝ මීටර් අටක් දුරින් මෙම ගම්මානය පිහිටා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාට නල්ලූර් කෝවිලට වඩා ලොකු කෝවිල් හදන්න උතුරට සල්ලි දෙන්න තියනවා .මේ පරම්පරා ගණනාවක් දුක් විඳින මිනිස්සුන්ගේ දුක පෙනෙන්නේ නැහැ .පිනාගේ අසමතුලිත දේශපාලන ගමන මකබෑවියන්
අපි ලෝකෙට නැව් අරිනවා, ගාසා වලට දනට-පිනට දෙනවා. තව, ජනරජ පෙරහැරවල්... ඒ වුණාට රටට ගිය කලක්. බදුල්ල දිස්ත්‍රික්කය කියන්නේ කැබිනට් ඇමතිවරු ගණනාවක් හිටපු රටක් මේක. ඒ කැබිනට් ඇමතිවරු අදත් මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු. මැති-ඇමැතිවරු දියුණු වුණාට රට තිබූ තැනිනුත් ආපස්සට ගිහිං...
ආසියාවේ ලොකුම කුළුණ මෙහෙ, බියගමට ජාතික රෝහලක් සහ අංග සම්පූර්ණ ළමා රෝහලක්, තවත් වෛද්‍ය පීඨයක් සහ රට පුරා තවත් විශ්ව විද්‍යාල පහක්, මොළේ හතේ මුදල් ඇමැතිත්, ලෝකේ හොඳම මුදල් ඇමැතිත්, ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමැතිත්, ලෝක රටවලින් පහසුවෙන් ණය ගන්න පුළුවන් නායකයත් ඉන්නේ ලංකාවේ තත්වය.