(ලාල් එස් කුමාර)

කැලණිය විශ්ව විද්‍යාලයේ  කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ සිටි සිසුවකුහට ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි  මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ කරමැටිය බෝගහපැලැස්ස බඩල්කුබුර පදිංචිව සිටි නිරෝෂන් ලක්මාල් නමැති සිසුවෙක් බවත් එම සිසුවා  04 වන වසරේ (කලා අංශයේ)  අධ්‍යාපනය ලබමින් සිටි බව සිසුවෝ පවසති. 

මෙම සිසුවා මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යයෝ අද (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුල් වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට වාඩිවී  සිටිති.  

ඔවුන් පවසන්නේ එම ශිෂ්‍ය නේවාසි ගාගාරයේ සිටි සිසුවා රෝගී වී සිටි අවස්ථාවේ පරිපාලනයට දැන්වුවත් වාහනයක් ලබාදීමට විනාඩි හතළිහකට පමණ කාලයක ගතවූ බවත්ය. 

කෙසේ නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු සිසුවා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත් ,   මීට විනාඩි කිහිපයකට  පෙර සිසුවා රැගෙන පැමිණියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගත හැකිව තිබු  බව  රෝහල් වෛද්‍යවරුන් පවසා ඇතැයි සිසුවෝ පවසති . 

මේ හේතුවෙන් සිදුවූ ප්‍රමාදයට පරිපාලනය වගකිය යුතු යැයි පවසමින් මේ වන විට සිසුන් විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටිමින් පරිපාලනයේ ක්‍රියා පිළිවෙතට  විරෝධය පළ කරයි .

මේ වන විට විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්, අනධ්‍යයන  හා  සේවකයන් සිය රාජකාරී කටයුතු සඳහා විශ්ව  විද්‍යාලය තුළට ඇතුළු වීමට නොහැකිව විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටි .