(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති , දැනට ගෙවීම් අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතය .
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං අගමැති...!
රූකඩ අගමැති
රටට කිසිම වැඩක් නොකරපු, හැමදාම හොරුන්ව රකින්න අත් උස්සපු කෙනෙක්. රටට සාපයක්
අන්තිම ටිකේ මොනවහරි විකුණගන්න පුළුවන් ද කියලා බලනවා ඈති...
චීන ඇමට අහුවුණු කාලේ ගියා .දැන් එයාලව ගොනාට අන්දන්න බැහැ .හරියට රටේ මිනිස්සු දෙතුන් පැත්තකට බෙදිලා ගොනාට අන්දපු කාලේ ඉවර උනා වගේ තමයි
දහයයි එකයි එකොළහයි ,අනේ මේගොල්ලෝ වත් සල්ලි වලට කරන දේ ?