පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  අනාවරණය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට පැමිණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22)  මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.