(මනෝප්‍රිය ගුණසේකර)
ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.
ඇමරිකාවේ සුප්‍රකට පිසූ ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක් නම් කර ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස මව් සමාගම විසින් අවස්ථා ගණනාවකදීම උපදෙස් දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ යැයි කීය.
‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් මෙරට පවත්වාගෙන යන්නේ ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම සමඟ එළැඹි ගිවිසුමකට අනුව බවත් වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එම ගිවිසුමකට අනුව කටයුතු නොකරන්නේ යැයිද එම ගිවිසුම අනුව පිරිසුදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු නොකිරීම නිසා ගිවිසුම අවංගු කිරීමට මව් සමාගම තීරණය කළේ යැයිද කී ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා මහතා ගිවිසුම අවලංගු කළ පසුවද වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එලෙසම සිය කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද කීය.
එහෙයින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් වල කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය,
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක්"නෙමෙයි මෙරට මැක් ඩොනල්ඩ්ස් ජාලයේ නියෝජිත ආයතනයට එරෙහිව නේද නඩුව තියෙන්නේ ?ඇයි ඒ සමාගමේ නම ප්‍රකාශ කරන්න බයද ?
යකෝ.මේක මාර වැඩක් නේ. මම දන්න විදිහට ඕක ඉස්සර නම් කලේ අබාන්ස් කියන සමාගම. මොන ආයතනය කලත්, මේ තරම් කාලයක් ලංකාවේ මිනිස්සුන්ටත්, සංචාරකයන්ටත් මුන් විකුනන් කාලා තියෙන්නේ ජරාව. තමන් ගේ මව් සමාගමේ ව්‍යාපාර නාමය භාවිත කරම්න්, එම අණට පයින් ගසමින්, නීතිය අතට ගෙන රටේ ජනයාගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව බල්ලට දමා කටයුතු කොට, රටේ කීර්තියද විනාශ කල මෙම ජඩ ආයතනයට විරුද්ධව සාමූහික වන් දි නඩුවක් ජනතාව විසින් ගොනු කල යුතුය. එයට අමතරව රජය මගින් විශාල දඩයක්ද පනවන ලෙස අදාල ආයතන වෙත ඉල්ලා සිටිමු. මේ සෙල්ලම් කොට ඇත්තේ ජාතියේ දූ දරුවන් ගේ ජීවිත සමගිනි.
ඇමරිකාව කිව්වට අපේ phi මහත්වරු බැලුවම හොඳට තියනවා අප ටු ඩේට් .පාරවල් දිගටම පෙට්ටි කඩ දාලා කෑම විකුනනවා .ඒවාගෙන් කෑවම ප්‍රයිවට් දොස්තරලා කල්ලමරේ .වෙලාවකට හිතෙනවා මේකත් ජාලයක්ද කියලා .phi සහ දොස්තර ජාලය
මුළු ලංකාවම අපිරිසිදුයි.
මෙය සිදුවන තුරු අපගේ මහජන සෞඛ්‍ය බලධාරීන් (PHIs සහ MOHs ඇතුළුව) කොහිද? ඔවුන් මීට පෙර මෙය හොඳින් කළ යුතුව තිබුණි.
අහෝ අබාන්ස් නොදිටි මොක්පුර!
මව් සමාගමවත් ඒක දැක්ක එක හොඳයි. නැත්නම් වසයි, කුණුයි, විෂබීජයි සේරම ගිල දමනවා. අපේ කට්ටිය මසට තියෙන පේරේතකමට...!
ලංකාවේ හැටියට ඔය අවන්හල් වලට අත තියන්න කවුරුත් බයයි. නිකන් මැරුම් කන්නේ මොකටද කියලා ඉන්නවා.
කෝකත් ඔච්චර තමයි...
ලංකාවේ නගරවල තේ කඩ හෝටල්වල කුස්සි දැක්කා නම්? මෙන්න අසූචි අපාය කියනවාමයි
මේක පිළිගන්න බැහැ... මෙම අවන්හල ලංකාව තුළ දිගින් දිගටම පාඩු ලබන අවන්හලක් වුණා. අපේ මිනිස්සු දේශීය දේට නැඹුරු වීමත් ආර්ථික ප්‍රශ්නත් හේතු කොට ගෙන මෙවැනි අවන්හල් ප්‍රතික්ෂේප කළා. මව් සමාගමේ නම්බු නාම බේරා ගැනීම උදෙසා දැන් බොරු නාට්‍යයක් රඟ දක්වනවා.. යනුවෙන් හැඟෙනවා අපේ රටේ නම්බුවත් කන ගමන්...!
ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම නවතා ඇත. සෞඛ්‍ය ආරක්‍ෂිතව, අවන්හල් පිරිසුදුව හා නිසි තත්වයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ අලෙවිකරනා සියල්ල පවත්වාගෙන යාහැකි නම් වෙනත් සමාගමකට ‘මැක් ඩොනල්ඩ්’ නාමය නොව වෙනත් නාමයකින් වෙනත් අවන්හල් ජාලයක් අරඹ කිරීමට අවස්ථව ලැබී ඇත. නීතිමය වසයෙන් එසේ කළහැකිද කියා සොයා බැලීම පළමුව කලයුතුවේ..