IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

ගයාන් සූරියආරච්චි

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  අනාවරණය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30  ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22)  මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට  ප්‍රකාශයක් සිදුකර තිබිණ. 

එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට  උපදෙස් දී ඇති අතර ඵ්  අනුව පොලිස්පතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඵ් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.



අදහස් (14)

සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

Prabha Sunday, 24 March 2024 12:48 PM

මේ මනුස්සයා දවසක නහින්නේ කට හින්දා

:       0       5

Pradeep Sunday, 24 March 2024 01:31 PM

හිටන් ඉල්ලන් ඛන්නා...

:       0       4

Kazi Shajahan Sunday, 24 March 2024 01:37 PM

CID එකට ගිහිල්ලා පාස්කු ප්‍රහාරය කාලේ සහරාන් කලේ කියයි.ඔය මනුස්සයා ඔයවගේ ආතල් දෙන්නේ

:       0       3

ravin Sunday, 24 March 2024 03:23 PM

ප්‍රකාශ ?මන් දන්නේ නැහැ .මම එහෙම දෙයක් කියූ බව දැක්කෙත් පත්තරෙන් .සුපුරුදු පරිදි ඔන්න ඕක තමයි ප්‍රකාශය

:       0       30

පිටිගල මිලානෝ Sunday, 24 March 2024 05:14 PM

අත්අඩංගුවට ගැනීමට නියමිතයි….

:       10       2

m. saman perera Sunday, 24 March 2024 05:20 PM

ලැජ්ජා නහර කපා ගත් හිටපු ජනාධිපති

:       0       12

Bamunuarachchi Sunday, 24 March 2024 05:57 PM

ෂුවර් එකටම මෑන් කියනවා එයා හීන විස්වාස කරනවා, මට මේක කෙනෙක්ක හීනෙන් කිව්වේ කියලා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වෙච්චදේම වෙනවා. මෙන්න කැට.

:       0       10

Achini Sunday, 24 March 2024 06:42 PM

ප්‍රකාශ නෙමෙයි ,හිරේ දාන්න ඕනේ .පරීක්ෂණ යට ගහලා ඔවුන්ව ආරක්ෂා කරාට

:       11       1

සමන් - ඕමානය Sunday, 24 March 2024 06:59 PM

සිරිසේන උන්නැහේ ඉල්ලං කාපු වගයි!

:       0       19

විජිත් Sunday, 24 March 2024 07:29 PM

දුප්පත් මිනිහෙක් පාර අයිනේ වැටිලා තිබුන පොල් ගෙඩියක් අහුලාගත්තොත්, වත්ත අයිතිකාරයා ඒ මිනිහාගේ අතපය කඩලා පොලිසියට බාරදෙනවා. පොලිසියේ ඉන්න වධකයෝ අර අහිංසක මිනිහාව නොමරා මරලා, බොරුත් එකතු කරලා , කුඩු පැකට් එකකුත් ඒ මිනිහාගේ ඉනේ ගහලා , අධිකරණයට ඉදිරිපත් කරනවා.පොලිසිය හදපු සාක්ෂි අනුව අධිකරණය ඔහුව අවුරුද්දකටවත් හිරේ යවනවා. එතකොට මේ පතෝල සිරා ? ඒකා මිනිස්සු තුන්සිය ගණනක් ඝාතනය කරපු මහා මිනිමරුමක විත්ති කාරයෙක් වෙලා , කෝටි ගානක වන්දි ගෙවන්න අධිකරණයෙන් නියමවුන පට්ට චුදිතයෙක්.දැන් මිනිහා කියනවා ඒ ඝාතනය කලේ කවුද කියලා දන්නවා කියලා.ඉතින් පොලිසිය බලාගෙන ඉන්නේ මොකද ? දුප්පත් මිනිස්සුන්ට කරනවා වගේ..ඕකව අල්ලාගෙන ගිහින්,ඇඳුම් ගලවලා , ලින්ගේන්ද්රියයේ (එහෙම දෙයක් මිනිහට තියෙනවානම් ) සිද්ධාලේපය ගාලා , කකුලේ මහපොට ඇඟිල්ලෙන් බල්කයේ එල්ලලා, ඔලුවටමිරිස් කුඩු බැග් එකක් දාලා , 2*2 පොල්ලකින් බැස්ටිය දුන්නානම් ඔක්කොම වමාරයි.මැරුණත් ප්‍රශ්නයක් නැහැ,ඕකා මේ තුන් ලෝකෙටම එපාවුණ සක්කිලියෙක්.

:       11       5

Sriyal Sunday, 24 March 2024 08:22 PM

පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය

:       3       2

Sriyal Sunday, 24 March 2024 08:22 PM

පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය

:       2       2

මල් මාමා Monday, 25 March 2024 05:07 AM

නරි නාටක

:       0       7

මං අහිංසක ලිලිපුට් Monday, 25 March 2024 10:30 AM

අහෝ ගමරාලයා නොදකින මොක්පුර...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site