ගයාන් සූරියආරච්චි
පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22) මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර තිබිණ.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇති අතර ඵ් අනුව පොලිස්පතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඵ් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා දවසක නහින්නේ කට හින්දා
හිටන් ඉල්ලන් ඛන්නා...
CID එකට ගිහිල්ලා පාස්කු ප්‍රහාරය කාලේ සහරාන් කලේ කියයි.ඔය මනුස්සයා ඔයවගේ ආතල් දෙන්නේ
ප්‍රකාශ ?මන් දන්නේ නැහැ .මම එහෙම දෙයක් කියූ බව දැක්කෙත් පත්තරෙන් .සුපුරුදු පරිදි ඔන්න ඕක තමයි ප්‍රකාශය
අත්අඩංගුවට ගැනීමට නියමිතයි….
ලැජ්ජා නහර කපා ගත් හිටපු ජනාධිපති
ෂුවර් එකටම මෑන් කියනවා එයා හීන විස්වාස කරනවා, මට මේක කෙනෙක්ක හීනෙන් කිව්වේ කියලා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වෙච්චදේම වෙනවා. මෙන්න කැට.
ප්‍රකාශ නෙමෙයි ,හිරේ දාන්න ඕනේ .පරීක්ෂණ යට ගහලා ඔවුන්ව ආරක්ෂා කරාට
සිරිසේන උන්නැහේ ඉල්ලං කාපු වගයි!
දුප්පත් මිනිහෙක් පාර අයිනේ වැටිලා තිබුන පොල් ගෙඩියක් අහුලාගත්තොත්, වත්ත අයිතිකාරයා ඒ මිනිහාගේ අතපය කඩලා පොලිසියට බාරදෙනවා. පොලිසියේ ඉන්න වධකයෝ අර අහිංසක මිනිහාව නොමරා මරලා, බොරුත් එකතු කරලා , කුඩු පැකට් එකකුත් ඒ මිනිහාගේ ඉනේ ගහලා , අධිකරණයට ඉදිරිපත් කරනවා.පොලිසිය හදපු සාක්ෂි අනුව අධිකරණය ඔහුව අවුරුද්දකටවත් හිරේ යවනවා. එතකොට මේ පතෝල සිරා ? ඒකා මිනිස්සු තුන්සිය ගණනක් ඝාතනය කරපු මහා මිනිමරුමක විත්ති කාරයෙක් වෙලා , කෝටි ගානක වන්දි ගෙවන්න අධිකරණයෙන් නියමවුන පට්ට චුදිතයෙක්.දැන් මිනිහා කියනවා ඒ ඝාතනය කලේ කවුද කියලා දන්නවා කියලා.ඉතින් පොලිසිය බලාගෙන ඉන්නේ මොකද ? දුප්පත් මිනිස්සුන්ට කරනවා වගේ..ඕකව අල්ලාගෙන ගිහින්,ඇඳුම් ගලවලා , ලින්ගේන්ද්රියයේ (එහෙම දෙයක් මිනිහට තියෙනවානම් ) සිද්ධාලේපය ගාලා , කකුලේ මහපොට ඇඟිල්ලෙන් බල්කයේ එල්ලලා, ඔලුවටමිරිස් කුඩු බැග් එකක් දාලා , 2*2 පොල්ලකින් බැස්ටිය දුන්නානම් ඔක්කොම වමාරයි.මැරුණත් ප්‍රශ්නයක් නැහැ,ඕකා මේ තුන් ලෝකෙටම එපාවුණ සක්කිලියෙක්.
පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය
පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය
නරි නාටක
අහෝ ගමරාලයා නොදකින මොක්පුර...!