බෝක්කුවෙන් ඇලට වැටී අයෙක් මරුට ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. 13 November 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි ගාසා තීරයේ ප්‍රධාන රෝහල දෙක ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙක වන්නේ, අල් ෂයිෆා රෝහල සහ අල් කුඞ්ස් රෝහලය. 13 November 2023
මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 13 November 2023
ලොතරැයියේ අංක වෙනස් කළ සෙබළා මාට්ටු ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක්ජයග්‍රහනය කර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කළේ යැයි යුද හමුදා සෙබළකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . 13 November 2023
වෙරිටේ රිසවර් අය වැයට යෝජනා 10ක් දීලා 2024 අයවැය ඉදිරිපත් කිරීමට පෙර වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී ශ්‍රී ලංකාවේ ආදායම ඉහළ නැංවීම සහ ආර්ථිකය පුනර්ජීවනය සඳහා නිර්මාණය කරන ලද අයවැය යෝජනා 10 එළි දැක්වූවේය. 13 November 2023
වායු ගෝලයේ කැලඹිල්ල අවසන් නෑ:අදත් වැස්ස දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවැනි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 November 2023
බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ හතරක් අතුරුදහන් බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි. 12 November 2023
තවත් ජාවාරමක අයකු රිමාන්ඩ් කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා පෙරේදා (11) නියෝග කළේය. 12 November 2023
ගජමුතු අලි කෙඳි සමග අයෙක් සැකපිට බදුල්ල ගල්කන්දේ නිවසක සගවා තිබූ ඉතා වටිනාකමින් යුතු ගජමුතු 2ක්, අලි කෙදි 2ක් මත්පෙති 10ක් සමඟ පුද්ගලයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි . 12 November 2023
ජනපති දීපවාලී සමරයි ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 12 November 2023
‘‘මේ කණ්ඩායමෙන් මීට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ‘‘ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගියේ එක්දින තරගවලදී අත්දැකීම් අඩු කණ්ඩායමක් බවත් ඔවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම අසීරු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය. 12 November 2023
කසිප්පු සමග ඇල්ලූ තැනැත්තා පපුවේ අමාරුවෙන් මරුට නීති විරෝධී මත්පැන් තොගයක් සමග දොඩංගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි . 12 November 2023
ජනපති අය වැය සකසමින් අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනපති නිල නිවසේදී අද (12) පැවැත්විණි. 12 November 2023
ගාල්ල යළි යටවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ඇද හැළුණ ධාරානිපාත වරෂාවත් සමග මාරග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 12 November 2023
අල්ලස් ගන්න ගිය ග්‍රාමසේවක රිමාන්ඩ් හෝමාගම පිටිපන සුවපබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරැවරියකගේ දරුවන් මරා මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ග්‍රාම නිළධාරීවරයා මෙම 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්ඳු ලියනගේ මහතා අද (12) දින නියෝග කළේය. 12 November 2023
හෙට අයවැය ගැන ඇමැති අද කියයි ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (12) දින අවිස්සාවේල්ලේ දී පැවසීය. 12 November 2023
ඩෙවොන් ඇළට වැටී අයෙක් මරුට:තවත් අයකු අතුරුදන් ඩෙවොන් ඇළෙහි වැටිමෙන් එක් අයකු අතුරුදහන් ව තවත් අයකු මියගොස් ඇතැයි දිඹුලපතන පොලිසිය කියයි. මියගිය අයගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි අද පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය. 12 November 2023
රජරට දරුවන්ට ප්‍රශ්න හතරක් දී පහකට ලියන්න කියලා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. 12 November 2023
ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ. 12 November 2023
උමං මාර්ගයේ සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුමක් අද (12) උදෑසන, ඉන්දියාවේ උත්තාරාකාන්ද් ප්‍රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට මෙහෙයුම් අරඹා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 12 November 2023
ක්‍රිකට් තහනමෙන් ඩොලර් මිලියන 100ක පාඩුවක් ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) පැවසීය. 12 November 2023
යුද්දයෙන් පසු ගාසා ආරක්ෂාව ඊශ්‍රායල් හමුදාවට ? ඊශ්‍රායල යුද්ධය අවසන් වූ පසු ගාසා තීරය හමාස් සටන්කාමින්ගෙන් තොර කාලපයක් වනු ඇති බවත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ආරක්ෂාව පාලනය කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 12 November 2023
ත්‍රී‘මලයට පුංචි භූ කම්පනයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රදේශයේ පස්වරැ 01.15 පමණ පමණ සුළු භූ කම්පනයක් සිදුවු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි. 12 November 2023
කෝලිගේ ශතකයට දැක්වූ ප්‍රතිචාරයට කණගාටු වෙනවා ඉන්දීය පිතිකරු විරාට් කෝලි 49 වැනි එක්දින ශතකය රැස් කිරීමට සුභ පතන්නේ දැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් ආකාරය පිළිබඳ තමන් කණගාටුවන බවත් එවැනි ප්‍රශ්නයක් එම අවස්ථාවේදී බලාපොරොත්තු නොවීම නිසා එවැනි දෙයක් සිදු වූ බවත් ශ්‍රී ලංකා පිළේ නායක කුසල් මෙන්ඩිස් අද (12) පැවසීය. 12 November 2023
‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘ ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.එල්. තරගාවලි කිසිදු බලපෑමක් නොකළ බවත් ඊට අමතරව වෙනත් කිසිදු පුද්ගලයකුගෙන් හෝ පාර්ශ්වයකගෙන් බලපෑමක් නොවූ බවත් එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද (12) පැවසීය. 12 November 2023
‘‘ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කර රට මුලා කරනවා‘‘ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් හිටපු ශ්‍රී ලංකා නායක, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා අද (12) පැවසීය. 12 November 2023
දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි. 12 November 2023
දිය වළකට එක්දරුපියා බිලි ගල් වැඩපලක ජලය පිරි තිබූ වලක අද(12) දහවල් දියනැමට ගිය එක්දරු පියෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 12 November 2023
පුත්තලම-කොළඹ දුම්රිය ධාවනය යළි අරඹයි දින අටකට පමණ පසු පුත්තලම _කොළඹ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 12 November 2023
බලකඩුවේ ගොඩනැගිල්ලක් නාය යයි මහනුවර මාතලේ මාර්ගයේ අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අද( 12) දිනයේ නාය යෑම නිසා එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 12 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026