
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වී,බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මෙම නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.
මෙම බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විවෘත කරනු ලැබීය.
මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරුවකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික සූර්ය රශ්මිය අඛණ්ඩවම ලැබේ. රාත්‍රී කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත සහ අගනා කටයුත්තකි. උතුරු පළාතේ ගොවි මහතකු මහාමාර්ගයේ අස්වැන්න වියළමින් සිටිනා අතරේ යතුරුපැදියක් ගැටී මියගිය පුවතක් වාර්තා වූයේ මීට මාසයකට පමණ පෙරයි. එවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගැනීමට ද මෙම ක්‍රමවේදයෙන් හැකිවනු ඇත...
විශිෂ්ඨයි, නව නිපැයුම් අවශ්‍යම යුගයක්.. තාක්ෂණය හා මුසුව...
විශිෂ්ටයි අති විශිෂ්ටයි. දිගු කාලයකට කළින් කළ යුතුව තිබුණ වැඩක්. සියලුම දිස්ත්‍රික්කවල මෙවැනි තාක්ෂණික අංග ඇති කිරීමෙන් ගොවි ජනයාගේ ජීවන තත්වය දියුණු කළ හැකි වේ.
අර හැම එකටම ජනාධිපතිටයි ආණ්ඩුවටයි බණින උදවිය කවුරුවත් මේකට අදහස් දාලා නැහැ නේද? ඒ අයට තමයි කුහකයින් කියන්නේ....!