
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද? නැතහොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද? යන්න බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නා වංචා කර බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකී සිටින ලෙස කී රණවක මහතා මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවද කීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතු බව කී රණවක මහතා නැවත බල ලෝබයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවන් වලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බව සඳහන් කළේය.
ගම්පහ පැවති ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට රාජපක්ෂලා සහ පොහොට්ටුව හැර විකල්පයක් නැහැ. නමුත් එම රාජපක්ෂලා සහ පොහොට්ටුව කොතරම් උත්සාහ කලත්, ජනතාව ඉදිරුයේ රනිල් සහ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුව අන්ත පරාජයට පත් වෙනවා.
රනිල් රාජපක්ෂ ආදර කතාවට බාධා නොකරනු
කොතරම් උත්සාහ කළත් මහින්ද හැර වෙනත් රාජපක්ෂවරයකුට ඡන්දෙ ඉල්ලා පාර්ලිමේන්තුවට එන්න බැහැ. ඒත් මහින්ද දැන්වත් නම්බුව තියාගෙන දේශපාලනයට සමුදීම ඉතා හොඳයි. මහින්ද විතරක් නෙවෙයි ෆොන්සේකාත් දේශපාලනයට සමුදිය යුතුයි. දැන් රාජපක්ෂ පාලන කාලේ ඉවරයි. එයාලා ඒ බව සිහිපත් කරගන්න එක සුබයි.
මෙයත් අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න කෙනෙක්... සජබයට පින්සිදු වෙන්න මන්ත්‍රී වෙලා... දැන් යන්නේ ඉබාගාතේ...
පාටලී ඉදිරි නායකකමට සුදුසු අයෙක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද? රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම පිළිබඳව තීරණය කරනු ලබන්නේ රටේ පුරවැසියන් විසිනි.
රනිල් විතරක් නෙවෙයි... රොත්ත පිටින්ම විශ්‍රාම යවන්න තමයි අපි බලන් ඉන්නේ. මහජන මුදලින් ඉගෙන ගෙන විදුලි ඉන්ජිනේරුවෙක් වෙලා පාරේ බෙරිහන් දිදී ඉන්නවා. අධ්‍යාපනයට ගත්තු ණය රටේ මිනිස්සු ගෙවනවා... කාලකණ්ණි...!
මෙයා නිසා තමයි හිරුණිකාට පාර්ලිමේන්තුවට එන්න තිබුණ චාන්ස් එක නැතිවුනේ.
මෙයා පාට ලීයක් නෙමෙයි... දිරච්ච ලීයක්... !
ජනපතිකමට හීන දකින කෙනෙක්.
ඇයි මහින්ද විතරක්? ඔයත් විශ්‍රාම යන්න.