(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - විල්ගමුව පොලිස්ථානයේ රාත්‍රි සේවා මුර රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ඊයේ (25) රාත්‍රි රාජකාරි සිදුකරන ලද විල්ගමුව පොලිස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවිය සහ පතුරම් සහිත මැගසීනය අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් කළ විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.
රාත්‍රි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මාතලේ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd