
(අංජුල මහික වීරරත්න)
රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාග වලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එසේම කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණි වල සියලුම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ලොකු හැඳිවලින් බෙදාගෙන බෙදාගෙන, පොඩි අපිට බෙදන හැන්ද කොහොමද?
කාපල්ලා දරුවනේ... ඕවා රනිල්ගේ සල්ලි නෙවෙයි... ඔයාලගේ දෙමව්පියන් ගෙන් බදුබර පටවලා හම්බකරගත්තු සල්ලි, රනිල්ගෙන් දෙනවා වගේ පෙන්නන්නේ...
ළමයි ඉස්සරහ කලිසමේ පටිය තදකරගෙනද ඉන්නේ...?
කරන්න වෙන වැඩ නෑ වගේ. ලැජ්ජයි.
පාසලේ බත් දෙන එක සංකීර්ණ වැඩක්. ටික දවසකින් නවතී. අපේ කාලේ (1980) ජර්මන් ආධාර යටතේ මෝරතෙල් බිස්කට් දුන්නා. එවැනි වැඩක් කරන්න පුළුවන් නම් වටිනවා.
දේශපාලුවන්ගේ තවත් ඇන්දිල්ලක්. තව ටික කාලයයි. ඔහොම යන්?
76 වසරක් කළා සේම මැතිවරණ සත්ව කරුණාව පහළ වේගෙන එන්නේ... !
බොහෝම හොඳ වැඩක් ජනාධිපතිතුමනි... ඔබතුමන්ට ජය...!
අර අයි.එම්.එෆ්. වාරිකේ වෙන්න ඇති බෙදන්නේ... පුතේ ලොකු වුණාම ඒ ණය ගෙවලා දාන්න කියලා..