
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙන අතර එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකි බව කී අමාත්‍යවරයා එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට ආවත් එකම ටීම් එකක් නිසා අවුලක් වෙන්නේ නෑ. චන්දෙ දෙන්න පුළුවන් කියලා කවුරුවත් නෑ. තුන් ගොල්ලම එක ගෘප් එකක්.. 3ට බෙදිලා... පාටවල් 3කින් පෙනී ඉන්නේ ජනතාව රවට්ටන්න.
හාකෝ
අපි නොදන්නවායෑ කට්ටිය ගේ තරම. ඕක කල් දාන්න පුළුවන් උනා නම් නොකර ඉඳීවීයෑ ඔයාලා.
ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දී සංශෝධන ගේන්නේ මොකක්ද හන්ගන් මොකෙන්ද කෙලින්නද ?
මෙයා මැරෙන්න පන අදිද්දී ගෑනියෙක් ගෙන්න යනවා
මුන් තුනට බෙදිලා චක්ගුඩු ගහන්න යන්නේ අපිට පේන්න .මාර සංදර්ශනේ නේද ?ටිකට් එකක් කීයද ?
සියයට දහයක් වත් චන්ද නැතුව පිනට ආපු ජනාධිපති කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යස්තාවට සංශෝධන ගේන්නේ ?
ඉතිං ඔබතුමා 1994 සිට මීට කලින් අධිකරණ ඇමති වෙලා වාර ගණනාවක් හිටිය නේද? ඇයි අමතකද රනිල් යටතේම අධිකරණ ඇමති වෙලා හිටපු වග? ඇයි එතකොට ඔය දේවල් නොකලෙ? දැන්ද නින්දෙන් ඇහැරුණේ ???
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයේ පැවැත්වීමට කටයුතු කරන්න. ඒ වගේම රටට අනවශ්‍ය පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනක එකම අවස්ථාවක පවත්වන්න. පළාත් සභා මහ ඇමතිවරයා පළාතේම ජනතා ඡන්දය මත තෝරනවා නම් දැනට සිදුවන අසාධාරණය වෙන්නෙ නැහැ. ඒ තුළින් කෝටි ගණනක් ජනතා මුදල් නාස්තිය වළක්වන්න පුළුවන් වේවි. නාස්තියට අකමැති නම් එසේ කරාවි කියලා විශ්වාස කරමි.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න හෝ වෙනයම් ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරන්නත් ජනතාවගේ ජනවරම හිමි පාලනයක් තිබිය යුතුයි. දැනට පවතින්නේ ජනවරමක් නොවෙයි කිසිම ජනමතයක් නැති කූඨ පාලනයක්. එවැනි පාලනයකට කිසිදු සාදාචාරාත්මක අයිතියක් නැහැ එවැනි දෑ කරන්න.
රටේ දූෂණ ඇතිකිරීමට උල්පන්දම් මේ අසික්කිතයින් ළඟදීම මහපාරේදීම සම්බෝල වීමට නියමිතයි.