
(බී.ජි චතුරංග)
බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන් තිදෙනකු රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින් මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල පාර ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 23 සහ 30වියේ පසුවන ගැබිනි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකි.
කොළඹ සිට අනුරාධපුර දක්වා තඹුත්තේගම හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් මගී කාන්තාවක් තම ගෙල බැඳි රන මාලය බස් රථය තුලදී කවුරුන් හෝ කඩා ගෙන ඇති බවට පැවසීමත් සමග බස් රථය අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ධාවනය කර, එහිදී සිදු කළ පරීක්ෂාවකදී සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදෙන මෙම කාන්තාවන් ඇතුළු කාන්තාවන් කල්ලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සිද්ධි රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගත වරාය ඇමතිනිලා.
අහිංසකව ජීවත්වන සාමාන්‍ය ජනතාව ගැබිණි මවක් දුටුවාම ගරු කරනවා, සලකනවා. ඒ මනුස්සකම වැරැදි ලෙස භාවිතා කරන නොමිනිසුන් මවුකමටත් නින්දා කරනවා...
මේක යුරෝපයේ ජනප්‍රිය ක්‍රමයක්... අහුවුණාම හිරේදාන්නේ නෑ. නිවාස අඩස්සියේ පමණයි.