(මනෝප්‍රිය ගුණසේකර)
විවිධ මතිමතාන්තර වලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
1993 වර්ෂයේ පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජෝතීර්වේදීන් 22 දෙනකුගෙන් සැදුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බවද සඳහන් කරන විදානපතිරණ මහතා මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජෝතීර්වේදීයකු තවත් සුළු පිරිසක් සමඟ එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇතැයිද සඳහන් කර ඇත.
මෙම පිරිසගේ විරෝධතාවයන් අපගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට පටහැනි හෙයින් විවිධ මතිමතාන්තවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට පිස්සු .මෙච්චර කෙලවෙලා තියෙන්නේ රටටන් තොපේ නැකත් බලලා බොල
තෝ හරි බොල , සම්පුර්ණ ඇත්ත.
පිස්සෝ . නැකතට කරලනේ මෙච්චර හරි ගිහින් තියෙන්නේ.
නැකතත් හූනටමයි.
මෙතුමා කියන්නේ මහ රාත්‍රී නැකතට අනුභව කරල වැඩ අල්ලන්න කියලද ? එහෙම කියන්න ජෝතිෂය සම්බන්ධ දැනුම මොකක්ද?
බොහොම ස්තුතියි ! මෙවර අවුරුදු නැකත සැකසූ ජ්‍යෝතිෂවේදී මහතාත් එය අගය කරමින් අදහස් දැක්වූ මැතිතුමන්ලාත් තවත් අතිප්‍රශිද්ධ ජ්‍යෝතිෂවේදී මැතිතුමාලා කීප දෙනෙක් කර්තෘවරුන් ලෙසට එකමුතුව පලකල සුරගුරු ජ්‍යොතිෂ සගරාවේ 2011 ජූලි -අගෝස්තු කලාපයේ 7 වැනි පිටුවේ2011 නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් කියා ලිපියක් පලවී තිබුණා ඒක 2010 ජනාධිපතිවරණය අවසන් වෙලා රටට සුබ අනාගතයක් උදාවෙනවා කියලා වන්දි භට්ට කම් පෙන්නීමට ලිපියක් පලකර තිබුණා..........?
වැදගත්ම පුවත...
ජනාධිපතිගේ සිට සියළුම දේශපාලකයින් නැකත් අනුව දිවුරුම්දී වැඩ ආරම්භකර රටම කා විනාශකළ එක හැර ඔය නැකත් වලට වැඩකළ අයගෙන් රටට වුන යහපත මොකක්ද?
අපේ රටේ අයගේ වගකීමක් නැති කම මේ ප්‍රවුර්තියේ සිරස්තලය කියවනවිට පේනවා.
සංකෘතික ලේකම්තුමා කියන්නෙ 1993 සිට පැවතෙන චාරිත්‍ර කරන්න කියලා තමයි එතකොට මට නම් රටට මොකක්වේද කියලා බයකුත් ඇතිවෙනවා දැන් තියෙන්නෙ ඒකාලේ හිටපු සංකෘතික ඇමති විජමු ඇතිකල චාරිත්‍රයක් මිස මේක ලංකාවෙ තිබුන සංකෘතියක් නොවෙයි පොඩ්ඩක් හිතන්නකෝ ඒ අවුරුද්දේ අවුරුදු නැකැත් අනුව ආහාර අනුභව කරල දින කීපයකට පස්සෙ ලෝක කම්කරු දිනය සැමරුමේදී මොකක්ද වුනේ කියලා හිටපු ජනාධිපති මහමගදී බෝම්බ ප්‍රහාරයක් නිසා මියගියා නේද කියලා
නැකත්වලට හැමදාම වැඩ කරලා බංකොලොත් වුන එකම රට.
මහ රෑ නැකත් හදන්නෙ යක්කුන්ටද?
තමන්ට පහසු වෙලාව තමයි හොඳම වෙලාව
සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු සම්පූර්ණයෙන්ම ජ්‍යේතිෂය මත පදනම් වූවක් නොවන බව පළමුව තේරුම් ගතු යුතුය. මෙම අලුත් අවුරුද්ද හා බැඳුණූ ජාතික ආගමික සංස්කෘතිය සියල්ලන්ටම වඩා වැදගත් බව දෙවනුව තේරුම් ගත යුතුයි. මේ දෙකම සමබරව පවත්වාගෙන යාම වඩා උචිත බව තුන්වනුව තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම සිංහලයා ජ්‍යෝතිෂය ඉක්මවා ගිය හර පද්ධතියක් සිංහල අවුරුද්ද තුළ පවත්වාගෙන යයි. මෙවැනි විකාර නිසා සංස්කෘතියත් ජ්‍යෝතිෂයත් දෙකම පිරිහේ. එසේ පිරිහුණු පසු කතා කිරීමට උත්සවයක් ඉතිරි නොවනු ඇත. මක් නිසාද යත් පිරිහුණූ මිනිසුන් පිරිහුණු සම්ප්‍රදායන් පවත්වාගෙන ගියද, උගතුන් පිරිහුණූ කිසිවක් කරපින්නාගෙන නොයන බැවිනි.
ඔය වගේ හදපු නැකත් සීට්ටුව වැරදියි කියලා පියසේන රතුවිතාන මහතා ඇතුළු බොහෝ දෙනා කියද්දී ගණන් ගත්තේ නෑ. ඔවුන් කිව්වා රට මළගෙයක් වන නැකැත් කියලා. 2016 වගේ මතක. එදා අවුරුදු කන අතරේ තමයි මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම වුණේ. මිනිසුන් ගානක් ගෙවල් පිටින් යටවෙලා මැරුනේ.
සම්මා, එතකොට 2019 අප්‍රේල් 21 මැරුනෙ කතෝලිකයො නිසාද ඒ නැකතට මිනිස්සු මැරුනට කමක් නැත්තෙ? මීතොටමුල්ලෙ මැරුනෙ බෞද්ධයන් නිසා වෙනමද? ජෝතීශ්‍ය කියන්නෙ වැල යන පැත්තට මැස්ස ගහන නොදියුණු එකක් කියන එක ඔබ තුමාට 2016 මීතොටමුල්ල එක විදියටත් පාස්කු ප්‍රහාරය වෙන විදියටත් පෙනීමෙන්ම වටහත හැකියි
නැකතට වෙලාවට වැඩ පටන් ගත්තු දූෂිත දේසපාලුවන්ට වෙච්චි දේවල් වල හැටියට නැකත් පත..
නැකත් පත...