
(යොහාන් භාසුර)
රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (25) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
දෙපාර්තමේන්තුගත විධායක සේවාවන් සඳහා නව උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක සහ නව උසස්වීම්වලට අදාල කැබිනට් පත්‍රිකාව වාහා ඉදිරිපත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී රජයේ විධායක නිලධාරීහූ ඉදිරිපත් කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ තියෙන බෝඩ් ටිකෙන් පෙනෙනවා කාගේ බළල් අතක්ද කියලා . මහත්වරු අව්වේ නේද? දාඩිය දාන නිසා ටයි පොලු ටික ගලවගත්තොත් ටිකක් පහසු වේවි.
මොන විධායක වුණත් ඵලක් නැහැ මොලේ කලදක්වත් නැතිනම්
මේ කට්ටියගේ වැඩ දැක්කාම කැළණි කැම්පස් එකේ කන්නන්ගර නේවාසිකාගාරයේ සිසුවෙක් අසනීපවෙලා රෝහල් ගතකර ගැනීමට අවශ්‍ය පියවරක් ගන්න අනෙකුත් සිසුන්ට නොහැකිව මියගියාම පසුදා ගේට්ටුව අවහිර කර පාලනාධිකාරියට විරුද්ධව උද්ඝෝෂණ කරන්න සිසුන් කටයුතු කිරීම මතක් වෙනවා. ඒ අනුව මොවුන්ගේ වැඩයි සිසුන්ගේ වැඩයි අතරේ කිසිම වෙනසක් මම දකින්නේ නැහැ... උනුත් එකයි, මේ අයත්එකයි...
රජයේ සේවක ... මොවුන් තමා හොඳම හොරු set එක... කාලකන්නි..!
අපිලා විධායක නැත්නම් මාණ්ඩලික මට්ටමේ කියමින් අනෙකුත් සේවකයින්ට පෙනේ පුප්පන කට්ටියට වඩා නගරයේ නැත්නම් පාරේ කුණු එකතුකරන සේවකයින් සේවයක් කරනවා, පුළුවන් නම් ඒ සියලු දෙනාටම එක දවසක් වැටුප් සහිත නිවාඩුවක් දීලා බලන්න ඔවුන්ද මොවුන්ද සේවයක් කරන්නෙ කියලා එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල එම සේවකයින් එක් දිනක් ඔබලාට විරුද්ධව ඔහොම පිකටින් කලොත් මොකද කරන්නෙ .ඒ නිසා සෑම සේවයක්ම අත්‍යාවශ්‍යම බව සිතත්වා .ඔහේලා සමහර ව්‍යාපෘති වෙනුවෙන් ලබන සමහර දීමනාවක් එම සේවකයින්ගේ මාසික වැටුප් ඉක්මවා යනවා