(ආරියරත්න රණබාහු)
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරසිටියේ අද (25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙිදීය.
2024 ජනවාරි 1දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටුන බව පැවසු ගම්මන්පිළ මහතා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බව නමුත් එය සත්‍ය වසන් කිරිමක් යැයිද කීය.
ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටිමට ප්‍රධාන හේතු දෙකක් බලපාන කී හෙතෙම . පළමු හේතුව අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩිවීමයැයිද . දෙවැන්න ආනයන අඩු වි ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, ඔය ගොල්ලො තමයි හොඳටම කලේ.
මේ ORIGINAL අපතයෙක්. කුහකයෙක්
ගම්මන්පිල නොකියූ තුන්වන හේතුව තමයි මේ වෙලාවේ IMF දෙවන අදියර යටතේ විශාල ඩොලර් ප්‍රමාණයක් ණයට හෝ ලැබීම. එවිට ලංකාවේ ඩොලර් සංචිතය ශක්තිමත් වෙනවා. පසුගිය කාලේ මුල්ම imf ණය වාරිකය ලැබුණු වෙලාවේත් රුපියල ඉහළ ගොස් ඩොලරය තාවකාලිකව පහත බැස්සා. 2004 සුනාමියෙන් පසු ලංකාවට අධික ලෙස විදේශ ආධාර ඩොලර් වලින් ලැබුණු වෙලාවේත් රුපියල ඉහළ ගියා. ඔය ඉහළ යාම ඔය මුදල් ඉවරවෙන කොට පහළ බහීවි. මම දේශපාලනය කරන්නෙත් නෑ... ආර්ථික විද්‍යාව ලොකුවට දන්නෙත් නෑ. නමුත් අත්දැකීමෙන් මේ කියන්නේ....!
පිවිතුරු හෙළ කරුමය නායකයා සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියා. දැන් කයිවාරු ගහනවා....
මෙන්න තවත් ආර්ථික විද්‍යාඥයෙක්...!
හැමදේම දේශපාලනයෙන් දකින්න එපා. ඩොලරයේ අගය අඩු වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එයට ඇති ඉල්ලුම අඩුවීම හෝ සැපයුම වැඩිවීම. පසුගිය දිනවල අපනයන ආදායමේ ඉහළ යාමක් සහ ආනයන වියදමේ අඩුවීමක් (සාපේක්ෂව) තියෙනවා. මෙයට අමතරව සංචාරක කර්මාන්තයේ අදායම් වැඩිවීමක් තිබෙනවා. IMF සහ අනෙකුත් (ADB) ණය ලැබීමක් හෝ ලබන බවට පෙනීමක් තිබෙනවා. මෙම කරුණු නිසා ඩොලරයේ අගය ටිකක් අඩුවුණා. ඊට පස්සේ මේ දිහා බලාගෙන ඩොලර් විකුණන අය (සමපෙක්ෂණය) ඩොලර් ටිකක් විකුණුවා. මෙම හේතු නිසා ඩොලරයේ අගය අඩුවුණා. නමුත් මෙය ඇත්ත තත්වය නෙවෙයි... මොකද අපි තවම විදෙස් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙව්වොත් ඩොලර් සැපයුම අඩුවී නැවත ඩොලරයේ අගය වැඩිවෙනවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකා ආර්ථිකය හැකිළෙන්නේ නැහැ. පසුගිය වසරේ අන්තිම කාර්තුවේ පොඩි ප්‍රසාරණයක් තිබෙනවා. ඒක නිසා ආර්ථිකය හැකිලීමේ බලපෑමක් නොවෙයි... ණය නොගෙවීමේ සහ අනෙකුත් ධනාත්මක වෙනස්කම් වල බලපෑමක් තමයි තිබෙන්නේ...!
අර එකතුකරපු රුපියල් සියය දැන් ඩොලර් වලින් ගෙවත හැකියි.
No 1 leach. කයිවාරු කූඩැල්ලා
මෙයා මීට කලින් හිටපු ඛනිජ තෙල් ඇමති නේ .අපි දැක්කා මුගේ කෙරුවාව
ඇත්තටම මෙයා දන්නා දේවල්?අපේ කරුමේ කියන්නේ දැනුම එලියට එන්න චන්දයක්ම ලංවෙන්න ඕනනේ ?
දෙපැත්ත කන කාලකන්නි...