
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ දී අද (25)පස්වරුවේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පිහියකින් කපා කොටා දැමීමෙන් බරපතළ තුවාල ලැබු ශ්‍රී ලංගම සේවකයන් දෙදෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙම ගැටුමේදී ශ්‍රී ලංගම සේවකයන් දෙදෙනා පිහියකින් කපා කොටා දැමූ බව කියන පෞද්ගලික බස්රථ රියදුරකු සහ කොන්දොස්තරවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය .
බදුල්ල මුත්තෙට්ටුවගම අතර ධාවනය වන පෞද්ගලික බස්රථය බදුල්ල නගරයේ පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ පස්වරුවේ නවතා තබා එහි රියදුරු සහ කොන්දොස්තරවරයා බස්රථය තුළ සිටියදී එක්වරම බස්රථය තුළ ට කඩා වැදී ඇති ශ්‍රී ලංගම සේවකයන් දෙදෙනා පෞද්ගලික බස්රථ සේවක දෙපලට පහරදී ඇති අතර ඒ සමගම පිහියකින් පෞද්ගලික බස්රථයේ සේවකයකු ශ්‍රී ලංගම සේවකයන් දෙදෙනා කපා කොටා දමා ඇතැයි පොලිසිය සදහන් කළේය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් මාෆියාව පාලනය රජයේ වගකීමක්..