(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව සිලාත්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24) ක්‍රීඩා අවසන් කරන විට ලකුණු 47කට කඩුලු 5ක් බිඳවැටී අසීරු තත්වයක සිටි බංග්ලාදේශ පිල අද දිවා විවේකයෙන් පසුව ලකුණු 182 කට සීමාවිය.
වේග පන්දු යවන කසුන් රාජිත දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 188
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 110.4 කදී සියලු දෙනා දැවී 418
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 182
(ශකීර් හසන් 19, මොමිනුල් හක් නොදැවී 87, මෙහෙදි හසන් මිරාෂ් 33, විශ්ව ප්‍රනාන්දු 36/3, කසුන් රාජිත 56/5, ළහිරු කුමාර 39/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිටපු ඇමැතියා ටයි, පරණ ක්‍රිකට් නායක තුමාටයි, ක්‍රීඩාවට ගරහන්න, ක්‍රීඩකයින්ව මානසිකව වට්ටන්න බැහැ . තව දුරටත් ජයග්‍රාහී මානසිකත්වය රැක ගෙන ඉදිරියට යන්න.
බන්ගලිය්නට ගෙවන්න තියන ණය ඕකෙන් ටිකක් හරි අඩුකර ගන්න බැරිද ?