
(රංජිත් කරුණාවීර)
රිදීමාලියද්ද අභයපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකට වල් අලි ප්‍රහාරයකට මරණයට පත්වීමත් සමඟ වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා මහියංගණ, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේ දී අච 25 දින උදෑසන විරෝධතාවයක් පැවැත්විණි.
රිදීමාලියද්ද හා මහියංගණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසක් මේ දින නිරන්තර ගම්වදින වන අලි හේතුවෙන් ගම්වාසීන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට, දේපල හානි, වගා හානි හා මිනිස් ජීවිත අහිමි වීම් නිරත්තරයෙන් සිදුවෙතත් ඊට බළධාරීන්ගේ නිසි පිළිතුරක් නිසි අවධානයක් නොමැති බව විරෝධතාකරුවෝ චෝදනා කරති.
ඔහුන් පගමනින්, කෝංගස් හංදියේ සිට පැමිණ මහියංගණ බිබිල, මහියංගණ බදුල්ල මාර්ගයේ මාපාකඩවැව, 17 කණුව මංසන්දියේදී ප්‍රධාන මාර්ගය හරස් කරමින්, වන අලි ගැටළුවට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත විය.
ඒ සඳහා ගම්වාසීන් 200ක් පමණ සහබාගී වු අතර, උදෑසන 9.00 සිට දවල් 11.30 පමණ වනතුරු ක්‍රියාත්මක විය.
ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස පොලිසිය විවිධ අවස්ථාවන් වලදී සිදු කල ඉල්ලීම් හේතුවෙන් පොලිසිය හා ගම්වාසීන් අතර නිරන්තර උණුසුම් තත්වයන් ඇති විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම් වදින අලින්ට වෙඩි තබා පන්නා දැමිය යුතුයි.
වනජීවිය හොඳින්ම දන්නවා අලි වැට අසාර්ථක බව. ඊට ඉතාමත්ම සුදුසු විකල්පය අලි කානුව බවත් ඔවුන් හොඳින්ම දන්නවා. ඒත් අලි කානුවේ අලි වැට වගේ කොමිස් නැති බවත් ඔවුන් දන්නවා. අපි වන ජීවියෙන්ම උපදෙස් අරගෙන අලි බහුල මහවැලි කලාප තුළ අති සාර්ථක අන්දමින් වවපු පොල් වගාවන් අදටත් සුරැකිව තිබෙනවා. ආවොත් පෙන්නන්න පුළුවනි. වනජීවියෙන් ඇහුවාට කියන්නේ නෑ...!