
(අංජුල මහික වීරරත්න, යොහාන් භාසුර සහ ශාන්ත රත්නායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සෙත් පතා එක්සත් ජාතික පක්ෂ තරුණ බලකාය සංවිධාන කළ ආශිර්වාද පූජාවක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගැබිනි මව්වරුන්ට වියලි ආහාර ද්‍රව්‍ය, පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් සහ පාසල් බෑග් බෙදා දීම ද මෙහිදී සිදුකෙරුණු අතර "යූත් 2048" සංවිධානය ද ඊට දායකත්වය දුන්නේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නා වූ පුණ්‍ය කර්මවල බල ශක්තියෙන් මේ සියළු දෙනාටම සසරින් එතෙර වීමට නිවන් මග දොරටුව ඉක්මනින් විවර වේවායි සැදැහැ සිතින් පතමු...
මේක එක්සත් ජාතික පක්ෂ තරුණ බළකාය සංවිධාන කළ කියල කිව්වට, ඔතන ඉන්නේ තරුණයන්ද?