(සුජිත් හේවාජුලිගේ )
වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු වෙති
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිතය. එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රහස එයාලටත් කියයිද දන්නේ නෑ නේද?
එතකොට ශ්ර්රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය, ආදී විවිධාකාර වෘත්තීය සමිති ඇතුළත් සමිති සමාගම් රාශියක් පක්ෂයේ සාමාජිකයින් විසින් අටවාගෙන තියෙනවා. ඒවායේ ඉන්න උන්දැලා ගෙන්වන්නේ නැතෙයි. කොහොම හරි ලංකාවේ ජාතික සමගියට හෙනහුරා වුනේ... පක්ෂය ආරම්භ කර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම තමයි.
වැලිකඩ තමයි...
වැඩක් නැතිනම් ඉතින් ශෝක්...
පාස්කු ප්‍රහාරය ගැන ඔහුගේ වගකීම් විරහිත භාවය නිසා කිසිම සංධානයකට මොහුට සම්බන්ධ වන්න බැහැ. දැන් දේශපාලනයේ රැඳෙන්න තමුන් පිරිසිදු පුද්ගලයෙක් බව පෙන්වීමට තැත් කරයි. එහිදී රට කොපමණ අවුල් වියවුල් වුණත් මොහුට කමක් නැහැ. මෙවර මේ නූල් සූත්තර කාරයා, හොඳටම හිරවී ඇත.
හිරේ යන්නට පෙර පාක්ෂිකයන් හමු වෙලා සමුගන්න යනවා වගේ.
මේ වගේ අය එක්ක මොන දේශපාලනයද?
හිටන් සිරාට, උසාවියෙන් ගෙවීමට නියම කරපු රුපියල් කෝටි ගණනක දඩය ගෙවීම සඳහා එයාගේ ගෝල බාලයින් රට පුරාම දමලා එකතු කරපු දේවල් බෙදා දෙන්නද මේ රැස්වීම කැඳවා තියෙන්නේ..? බලන් ඉඳිමුකෝ...!
බැරිම උනොත් ගෙවල් වත් ගිනිතියපන් කියන්නද යන්නේ ?