(ගයාන් සූරියආරච්චි)
පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 06ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් (22) දා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කිව්වේ නාමල් කුමාර, මාව මරන්න ඉන්නවා කිව්වෙත් ඔහුමයි. ඔහු අවුරුද්දක් විතර ඇතුලේ ඉඳලා ආවා, දුකයි...
පොලිසිය ඔහු හුරතල් කලේ නැත්නම් කට උත්තරය වහාම නීතිපතිවරයාට යොමු කරලා හෙට උදේ කොටුව ගරු මහේස්ත්‍රාත්තුමාට යොමු කරන්න. ගිරිහාගම මැතිනිය පෙනී සිටියානම් හරි. නීතිමය අවශ්‍යතා එතකොට සම්පූර්ණයි.
අත්අඩංගුවට පත්වෙන්න ඕනෑ අය නිදහසේ ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි...
ජන නායකයෙක් කියන්නත් ලැජ්ජයි .කෝ නාමල් කුමරා මේ මිනිහත් එක්ක කරපු නාඩගම් .අන්තිමේ දක්ෂ නිලධාරීන් හිරේ දැම්මා
අපි කුඩාකාලයේ පාසලේදී බුද්ධාගම උගන්වද්දී උපදේශාත්මක කතා කියලා දෙනවා ඉතින් දවසක් අපේ හාමුදුරුවෝ මෙහෙම කතාවක් කිව්වා මේක ලංකාවට සම්බන්ධ නැහැ එකමත් එක රටක මිඩෑස් කියලා රජකෙනෙක් හිටියලු මේ රජ්ජුරුවෝ නිතරම හිටියෙ ඔහුගේ හිස තලප්පාවකින් වසාගෙන කියලා තමයි කිව්වෙ ඉතින් හිටපු කරණවෑමියා පෙන්සන් ගියාම අලුත් කෙනෙක් පත්කර ගත්තා ඔහු මුලින්ම වැඩට ඇවිල්ලා රජුගේ කොන්ඩෙ කපන්න තලප්පාව ගැලෙව්වාම දැක්කා රජුට අමුතුම ආකාරයට කණ් දෙකක් තියෙනවා ඒක හරියට බූරුවෙකුගේ වගේමලු ඉතින් මිනිහට හොදටම හිනාගිය නිසා රජ්ජුරුවෝ ඔහුට තර්ජනය කරමින් කාටවත් කිව්වොත් මරණවස් කිව්වලු දැන් මිනිහට ගෙදර ගියත් ඉන්න බැරුව වත්තේ ඈතට ගිහිල්ලා ගැඹුරු වලක් කපා වලට කිව්වලු මිඩෑස් රජ්ජුරුවන්ට බූරු කණ් දෙකක් තිබේ කියලා මහන්සි වෙනතුරු මෙහෙම කියලා මිනිහා ගෙදර ඇවිත් නිදහසේ හිටියත් එම වල අසල තිබුන ගස් තවමත් මිඩෑස් රජ්ජුරුවන්ට බූරු කණ් දෙකක් තිබේ ශබදයෙන් එහෙට මෙහෙට වැනෙනවා කියලා තමයි කියලා දුන්නෙ ඒක ඒකාලෙ අපිට එතරම් තේරුම් ගන්න බැරිවුනා තමයි
ඡන්දය ළඟ නිසා මටත් ටිකක් අවධානය දෙන්න.
හිඟන්නාගේ තුවාලේ ආයෙමත් පාරන්න පටන් අරන්. ඡන්දේ ළඟයිනේ...
අනුර කුමාර ලාගේ නම කියන්නත් පුළුවන් ,ඒ තරම් මන් කපටියා ,රනිල් අක්කා ගහන ගේමක් වෙන්න බැරිද .මොකද මේ වෙලාවේ NPP එක ජනතාවගේ විශ්වාසය දිනාගෙන අවසානයි
අපේ රටට තුන්කල් දක්නා නායකයින් පහළ නොවීමේ කරුමය විදවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි.
පොලීසියට කරන්න දෙයක් නැහැ.ඔහු දැනටත් ආරක්ෂාව සහිතව සියලු වරප්‍රසාද ලබන හිටපු ජනපති කෙනෙක්. රාජ්‍ය පාලනයේ පහළම තනතුරක් හෙබවූ ග්‍රාම සේවක කෙනෙකුව කිසිදු ඉවක් බවක් නොමැතිව ඡන්දය දී බලයට ගෙනා මේ රටේ බහුතර ජනතාව මේ සියලු දේට වගකිව යුතුය.සත්‍යය එයයි.
මාළුවා නහින්නෙත් කට නිසා