(විමුක්ති එස් රුද්‍රිගු)
යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට දැනුම් දී ඇත.
හමාස් සංවිධානය පරාජය කිරීමට ඒ හැර වෙන ක්‍රමයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා බ්ලින්කන් ඇතුළු ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ට දැනුම් දී තිබේ.රෆා නගරයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් හමාස් සංවිධානය පරාජ කිරීමට නොහැකි බවත් ඉන් ඊශ්‍රායලය ලෝකයෙන් තවත් කොන්වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලිනක්න් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගියදා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුව සිදුව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව බල්ලා මාක් එකටම වැටිලා
බොහොම හොඳ තීරණයක්. කොන්ද පණ තියෙන නායකයෙක්.