(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ.
මෙම රුපියල් මිලියන 2500 න් සැම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 100 බැගින් කෘෂි අංශය නවීකරණය හා නව තාක්ෂණය ලබා දීමට වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් බැගින් තෝරාගෙන එක් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගෙන් පුද්ගලික ධනයෙන් කල මෙම පරිත්‍යාගය වෙනුවෙන් අපි ඔබට ණය ගැති වෙමි. එබැවින් ඡන්දය දෙමි. 2020 දි ණයෙන් තොර රටක් බිහිකිරීමට ඔබ පොරොන්දු වුවද බැරි වූ නිසා 2048 දි ඔබ රජ වී සිටිනු දැකීම මහත් සේ සන්තෝෂය ගෙන දේ.