(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරිත්වයේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කළ යුතු බවත් දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා බලධාරීන් දෙවැනි සමාලෝචනයේදී එකඟවූ කැපවීම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු ඩොලර් 337 ක මුදලක්...!
පරණ වාරික වලින් කරපු වැඩ ගොඩට දාන්න අමතක වුණා. ඉන්දියාවෙන් බිත්තරත් ගෙනාවනේ ඒ සල්ලිවලින් නේද? මේ වාරිකයේනුත් බිත්තර ගෙනාවද?
ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක්... බොරු කියන්න එපා යකෝ. ඉස්සෙල්ලා ගණන් ඉගෙන ගන්න...
අනේ ඉතිං අපේ අනාගත දරු පරපුර මේ ණයටත් කරගහවි.
දැන් ඉතිං ඒක චන්දෙට දොල පිදේනි දෙන්න ගනීවි . තවත් ණයක් එකතු උනා විතරයි. ආර්ථිකය ශක්තිමත් කියලා බෙරිහන් දෙයි.
මේවා ආපසු ගෙවිය යුතු ණයද නැතිනම් ගෙවීමට අවශ්‍ය නැති පිනට ලැබුණු සිඟමන්ද ?
විදේශ රැකියා සහ ණය හැර රටට ඩොලර් ගේන්න කරන දීර්ඝකාලීන වැඩපිළිවෙළ කුමක්ද?සංචාරක ව්‍යාපාරය ගැන පුරසාරම් දොඩන්න මේ පාලකයන්ට අයිතියක් නැහැ මොකද ඒක තම තමන් ස්වයංව නැගිටීමක් මිස රජය කරපු සහන නිසා නෙවෙයිි විදුලිබිල වැඩිකරන්නෙ උදව්වටද?