( රේඛා තරංගනී ෆොන්සේකා)
දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති.
ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී බව සඳහන් කරන මගින් දුම්රිය මගීන්ගෙන් පිරී සිටින මැදිරිවලදී පවා මෙම යාචකයන් සෙනග අතරින් රිංගා යමින් හිංසාකාරී ලෙස හිඟමන් යදින බව පැවසීය.
සුවපහස දුම්රිය සේවාවක් යනු මෙයාකාරයෙන්ම හිඟන්නන්ගේ පීඩාවට ලක්වීම දැයි දුම්රිය බලධාරීන්ගෙන විමසා සිටිය යුතු බවද ඔවුන් පැවසීය.
ගීත ගායනා කර සිය දක්ෂතාවය ප්‍රදර්ශනයකොට මුදලක් උපයන අහිංසක පිරිස මගීන්ට පීඩාවක් නොවන බව සඳහන් කරන දුම්රිය මගීන් ගැටලුව ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවු යාචකයින් කරන දේ තුළ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරි එච්. එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා මෙසේ කීවේය.
මේ සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශ වලට යොමු කොට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැෆික් ලයිට් වලත් හරි කරදරේ... ඒවාවලත් සිඟමන් යදිනවා... රජයේ ප්‍රවාහන සේවා වුවත් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුයි.
කුඩු කාරයින්, මැරයින් මෙසේ රට පුරා තැන තැන සිඟමන් යදිමින් සාමාන්‍ය ජනතාවට දැඩි අපහසුවක් සහ හිංසාවන් කරමින් සිටී. ඔවුන් සැබෑ අහිංසකයින් නොවේ. රජයට නීතිමගින් යමක් කළ නොහැකි නම් සමස්ථ සමාජයම ඔවුන්ට නොරැවටී සිටීය යුතුයි. කිසිවක් නොදී අත්හැරිය විට ඔවුන් වෙනත් ව්‍යාපාරයක් පටන් ගනීවි..
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයට යොමුකොට පියවරක් ගන්නවා කියලා දුම්රිය සාමාන්‍යාධිකාරී කියන්නෙ ආරක්ෂක අංශය කියන්නෙ රොබෝවරුද කියලා අහන්න කැමතියි මගීන්ට ආරක්ෂාව සපයන්න බැරි ආරක්ෂක නිළධාරින් කුමටද කියලා අහන්න ඕන කොහොම වුනත් සිංදු කියලා හරි හිගමනේ ගිහිල්ලා හරි එන මිනිස්සු නිසා හරිම කරදරයක් වෙනවා සිංදු කියන එකෙක් බහිනකොට හිගන්නෙක් එනවා ඌ බහිනකොට තවත් සිංදු කාරයෙක් එනවා ඔය අතරේ වෙළෙන්දෝ කෙලවරක් නැහැ හරිම කරදරයක් තමයි තියෙන්නෙ මේවා ඉතින් 2005 දී මයිනප්පු සහ සමාගමේ සුබ අනාගතයේ ඉතාමත් සුලුම කොටසක් තමයි 2019 ආරම්භ වුනු කියත්මගේ සෞභාග්‍යය කාලයත් අවසන් වුනානම් බලන්න තිබුනා සෞභාග්‍යයේ තත්වය කොහොමද කියලා
මොවුන් බොහෝ දෙනාට යම් රැකියාවක් කිරීමේ හැකියාවක් ඇත. දුම්රිය සහ බස් ස්ථාන වල සිටින මේ "යාචකයින්" ගෙන ගොස් කෘෂිකර්මාන්තය වැනි කාර්යයකට යෙදිය යුතුයි.
අපෝ කවුද කියන්නේ සින්දු කියලා දක්ෂතා පෙන්නන කට්ටිය වදයක් නෑ කියලා? ඔවුන් හිඟන්නන්නට වඩා කරදරයක්.. මං දන්නේ නෑ ලංකාව කියන්නේ ශබ්ද දූෂණය අතින් ලෝකේ අංක එක වෙන්න ඇති.. බස්වල එහෙන් තඩි බෆල් ගහලා ඩිස්කෝ සවුන්ඩ්.. කෝච්චි වල මයික් එක බුම් බොක්ස් වලට ගහගෙන මෙලෝ රහක් නැති කැරෝකේ.. සර්කස් කාරයෝ විතරයි අඩු පොදු ප්‍රවාහන සේවයට...
ලංකාවේ හිඟාකන මිනිස්සු රජයේ සේවකයෙක් වගේ කිහිප ගුණයක් හොයනවා. කිසිම ආදායම් බද්දකට අහුවෙන්නේ නෑ. අපි තමයි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනෑ අඩු පඩියකුත් අරගෙන.
මේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ රස්සාව කරන්න ඉඩ දෙන්න.
මේ තොත්ත බබාගේ කට ඇතුළට සූප්පුවක් අනේ කවුරු හරි ඔබන්නකෝ...!